Tuesday, February 26, 2013

පාසලේ ගුරුවරු සියල්ල ලෙඩ නිවාඩු

2013-02-26 ප.ව. 12:45
පාසලේ ගුරුවරු සියල්ල ලෙඩ නිවාඩු දමා සේවයට වාර්ථාකිරීමෙන් වැලකී සිටිමට කටයුතු කර ඇති බවට මහියංගනයේ පාසලකින් වාර්ථාවේ. ඊට පසුගිය දා පාසලේ සිදු වු සිදියක් මුල්වු බව ඔහුන් පවසනවා.
මහියංගන ඔරුබැදිවැව ද්විතික පාසලේ ගුරුවරු සියල්ල 26 දින ලෙඩ නිවාඩු දමා සේවයට වාර්ථාකිරීමෙන් වැලකී සිටියහ. පාසලේ ගුරුවරු 62ක් සිටින පාසලකි.
පැසැල් සිසුවෙකු හට පාසැල් ගුරු ව...ිවේකාගාරයක් තුලදී දහවල් රදවාගනිමින් ගුරුවරුන් දෙදෙනෙකු එක්ව අමානුශික ලෙස පහර දීමෙන් එම පාසැල් දරුවා 21 දින සවස මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කරනු ලැබු අතර ඒ සම්බන්දයෙන් ක්‍රියාත්මක වු මහියංගන පොලිසිය ගුරුවරුන් දෙදෙනා 22 දින අත්අඩංගුවට ගෙන මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
ප්‍රදේශවාසින් ඊට විරෝදය පැමට 22 දින දහවල් පාසල ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබුනු අතර එහිදී විදුහල්පති තුමන් හා ගුරුවරු සමග දෙමාපියන් උණුසුම්කාරීතත්වයක් උද්ගත වු අතර සිද්දිය සමතයකට පත් කිරීම සදහා මහියංගන පොලිස් නිළධාරින් කටයුතු කලා. පැය 3ක් පමන නේවාසිකාගාරය තුළ දරුවකු රදවා පහර දෙනතුරු පාසලේ අනෙක් ගුරුවරු කුමක් කලේදැයි දෙමාපියන් ආවේගශිලිව ප්‍රශ්න කරනු ලැබුවා. දරුවන් හට නොසැහෙන්ඩ අතින් හා පයින් පහර දිමට ගුරුවරුන්ට අයිතියක් නැතිබව දෙමාපියන් අවධාරනය කරනු ලැබුවා.
ඉහත සිද්දියේදි ගුරු වෘර්තිය දෙමාපියන් විසින් හැල්ලුවට ලක්කල බවත්, ගුරුවරුන්හට අබියෝග කලබවත් පාසලේ ඉගැන්වීම් කටයුතු සිදු කිරිමට ආරක්ෂාව නොමැති බවත් පවසමින් ඊට විරෝධද ප්‍රකාශ කිරීම සදහා ගුරුවරු සියල්ල 26 දින සේවයට පැමිණිමෙන් වැලකී සිටියේය.
පාසලේ විදුහල්පති ගාමිණි අමරසිංහ මහතා සහ කලාප අධ්‍යාපන කාර්යාලයේ නිළධාරින් එක්වී පාසලේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යෑමට කටයුතු සලස්සවා තිබු අතර සුපුරුදු ලෙස පාසැල් දරුවන් පාසැල් පැමිණ සිටියා. ගුරුවරු සියල්ල සේවයට පැමිණිමෙන් වැලකී සිටියා.

No comments:

Post a Comment