Tuesday, February 26, 2013

වැලි ප්‍රවාහන තහනමට විරෝධය

හෙට්ටිපොල සිට නාවුල මාතලේ දක්වා කිලෝමීයර් 30 දුර වැලි ප්‍රවාහනයට මහවැලි සීකලාපයේ ලොරිරථ සදහා තහනම් කිරීමට විරෝධය පාමින් 26 වන දින විල්ගමුව නිපොන් පාලම අසල විරෝධතාවයක් පැවැත් වු අතර එය පැය 3ක් පමන කාලයක් පැවැත් ව...ු අතර ඒ සහහා මහවැලි සී කලාපයේ වැලි ව්‍යාපාරිකයන් දේශපාලන නායකයන් හා ලොරි රථ හිමිකරුවන් හා ප්‍රවාහකයන් 3000ක් පමණ පිරිසක් ඒ සදහා සහබාගී වී සිටියා.
විරෝධතා කරුවන් ටයර් හා මාතලේ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු දේශපාලන නායකයකුගේ අනුරුවකට ගිනිතබා සිය විරෝධය ප්‍රකාශ කල අතර මහියංගන ප්‍රාදේශිය සභා සභාපති ඩබ්ලිව් ඒ සුනිල් මහතා පැමිණ විරෝධතා කරුවන් අමතා ප්‍රකාශකලේ සතියක් තුල මෙම ගැටලුව සදහා විසදුම් ලබාදීමට ඌව පලාත්සභා අමාත්‍ය අනුර විදානගමගේ අමාත්‍යවරයා කටයුතු කිරීමට පොරොන්දු වී ඇති බව දැන් වීමෙන් පසු විරෝධතා කරුවන් විසිර ගියහ.

No comments:

Post a Comment