Wednesday, September 30, 2015

අම්මා කුඩා දුව ලවා රත්‍රං බඩු උස්සපු හැටි CCTV එකට මාට්ටු

අම්මා කුඩා දුව ලවා රත්‍රං බඩු උස්සපු හැටි CCTV එකට මාට්ටු
9/30/2015 2:01 PM
මව විසින් තම කුඩා දියණිය යොදවා දෙහිඅත්තකන්ඩිය නගරයේ සිදු කල රං භාන්ඩ සොරකමක් වෙළෙදසැලේ සවිකරතිබු CCTV කැමරාවල සටහන්ව තිබේ.
තම කුඩා දියණිය යොදවාගනිමින් වෙළෙද සැලේ හිමිකරුවන්ගේ අවධානය වෙනතකට යොමු අවස්ථාවන් වලදී රාක්ක වල ප්‍රධර්ශනය හා අලෙවියට තබා ඇති රත්‍රං බඩු සොරකම් කිරිමට මව විසින් අනුබල දෙන බව එම විඩියෝ දර් ශන නැරබීමේදි අවබෝද වේ. දුරකථනය නාදවිමෙන් වෙළෙද සැලේ හිමිකරුවන්ගේ අවධානය ඒ වෙත යොමු වන අවස්ථාවේ මව දරුවා සොරකම සදහා යොදවන අතර පළමු වර උත්සාහවය අසාර් ථක වේ. දෙවන උත්සාහය සාර් ථක වී දරුවාවිසින් වලල්ලක් සොරකම්කර කලිසම අභ්‍යන්තරයේ සගවාගන්නා ආකාරය විඩියෝ දර්ශණ වලින් අනාවරණය වේ. ඔහුන් සමග පැමිණෙන කුඩා දරුවෙකු වඩාගත් කාන්තාවද වෙළෙද සැලේ හිමිකරුවන්ගේ අවධානය වෙනතට යොමු අවස්ථාවේ රත්‍රං බඩු තිබෙන කබඩ් වෙත අත දමා යමක් ගැනිමට උත්සාහ දරන අන්දම දර් ශන වලින් පෙනේ.
දැරිය විසින් සොරකම් කරන ලද රත්‍රං වලල්ලේ වටිනාකම රුපියල් 80000ක් බව රත්‍රං වෙළෙද සැලේ හිමිකරු පවසනවා
දර්ශන අනුව මෙම කාන්තාවන් දෙදෙනා සැලසුම් සහගතව රංආබරණ වෙළෙද සැල් වෙත ගොස් භාණ්ඩ සොරකම් කරන බවත් ඒ සදහා කුඩා දරුවන්ද පුහුනුකර යොදාගන්නා බව පැහැදිලි වේ.
මේ සම්බන්දයෙන් 2014-09-01 වෙළෙද සැලේ හිමි කරු දෙහි අත්තකන්ඩිය පොලිසය වෙත පැමිණිලි කර ඇති අතර, විඩියෝ දර්ශන මාධ්‍ය වෙත ලබා නොදෙන ලෙස වෙළෙදසැල් හිමිකරුට පොලිසිය ඉල්ලිම් කර ඇත. ඒ අනුව දිර් ඝ කාලයක් මේ සම්බන්දයෙන් පොලිස් කටයුතු සිදුකර නොමැති අතර වෙළෙදසැල් හිමිකරුවිසින් සොරකම සිදු කල පිරිස මහියංගන ප්‍ර දේශයේ පදිංචිකරුවන් බව හදුනාගෙන දෙහිඅත්තකන්ඩිය පොලිසියට ඒ බව දන්වා ඇති අතර මේ වන තුරු ඔහුන් පිළිබද කිසිදු පරික්ෂණයක් සිදු කර නොමැත. සොරකම සිදු කර වසරක් ගතවි ඇති අතර , පුද්ගලයන් හදුනාගෙන ඇතත් පොලිසිය විසින් නිතිය ක්‍රියාත්මක නොකිරිම පිළිබදව වෙළෙදසැල් හිමිකරු කණගාටුවේ.
දරුවන් යොදාගනිමින් සැලසුම් සහතව සොරකම් සිදු කරනා දෙමාපියන් සම්බන්දයෙන් පොලිස් නිළධාරින් නිතිය ක්‍රියාත්මක නොකිරිම රටේ අනාගතය අදුරු වන්නා සේම දරුවන්ගේද හෙට දවස යහපත් වන්නේ කෙසේදැයි ප්‍රශ්න කෙරේ.

No comments:

Post a Comment