Saturday, September 5, 2015

ටෙන්ඩර් පටිපාටිය කඩලා

(වීඩියෝ දසුන් සහිතයි)
2015 සැප්තැම්බර් මස 04 17:21:23 | . , ඉන්දිකා රාමනායක, ඡායාරූප හා වීඩියෝ ජයමාල් චන්ද්‍රසිරි
ටෙන්ඩර් පටිපාටියකින් තොරව මහියංගන නගරයේ වෙළදසල් ඉදිකිරීම සහ බෙදා දීමෙන් රුපියල් කෝටි ගණනක මූල්‍ය අක්‍රමිකතා සිදුකර ඇති බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහියංගන සංවිධායක සහ ඌව පළාත් සභා අමාත්‍ය අනුර විදානගමගේ මහතාට එරෙහිව සිදුකළ පැමිණිලි ගැන උෟව පළාත් සභා ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සමන්ත විද්‍යාරතනගෙන් අද (4) දෙපැයක් පුරාවට ප්‍රකාශයක් සටහන් කරගත් බව පොලිසිය කියයි.
මහියංගන නගරයේ රජයට අයත් ඉඩම් දේශපාලන බලය මත පවරාගෙන ටෙන්ඩර් පටිපාටියෙන් තොරව කඩ ඉදිකිරීම සහ ඒවා ඥාතීන් හා හිතවතුන් වෙත ලබාදීම,ඉදිකර තිබූ පැරණි වෙළදසැල් කඩා ඉවත් කොට එම වෙළදසැල් හිමිකරුවන්ගෙන් මුදලක් ලබාගෙන නැවත ඉදිකිරීම, ඇතුලු වංචා - දූෂණ පැමිණිලි, සමන්ත විද්‍යාරතන මහතා ඉකුත් ජූනි මස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට ඉදිරිපත් කර තිබූ බව පොලිසිය පවසයි.
http://www.lankadeepa.lk/index.php/articles/345531

No comments:

Post a Comment