Tuesday, September 22, 2015

ස්ත්‍රී දූෂකයන් ගස් යවන්න ඕනෑ - රූපවාහිනියෙන් කරන්ඩ ඕන මිනිස්සුන්ගේ ඔලුව හදන එක. කොන්ඩේ හදන එක නෙවෙයි


“රූපවාහිනියෙන් කරන්ඩ ඕන මිනිස්සුන්ගේ ඔලුව හදන එක. කොන්ඩේ හදන එක නෙවෙයි. යැයි සේයා දැරියගේ ඝාතකයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් ලක්වනිතා කාන්තා සංගමයේ මහියංගන නියෝජිතයන් හා සාමාජික පිරිසක් අද (22) මහියංගන නගරයේ උද්ඝෝෂණය කළහ. 
තවද ඔහුන් මෙසේද ප්‍රකාශකර සිටියේය. ජනමාධ්‍යවලින් රූපවාහිනි නාලිකාවලින් උනන්තවත් මිනිසුන්ගේ ගෑනුන්ගේ කොන්ඩෙ හදනවා. ඇදුම් අන්දනවා. පිරිමි ගිහින් ගෑනුන්ට අන්දනවා. නමුත් මේවගේ දෙවල්වලට ඉදිරිපත්වෙනවා අඩුයි. මිනිසුන්ගේ ඔලුව හදන්ඩ ඕන. මිනිසුන්ගේ මානසිකත්වය හදන්ඩ ඕන. මිනිසුන්ගේ මානසිකත්වය අවුල්වෙලා තියෙන නිසා තමයි මේ වගේ දුෂිත වැඩ මිනිස්සු කරන්නේ. නිතිය අතට ගන්න නෙවෙයි අපට ඕන. උද්ගෝෂනයේ නියැලි සිටි කාන්තාවක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.
දැරියන් දුෂණයන් කරන්නවුන්ට මරණ දඬුවම පැමිණිය යුතු යැයි එහිදි කාන්තාවන් අදහස් දක්වමින් ප්‍රකාශ කළහ.





No comments:

Post a Comment