Tuesday, September 15, 2015

චාමර සම්පත් දසනායකගේ හිස් වූ අසුන ලක්ෂ්මන් සෙනෙවිරත්නට

9/15/2015 8:09 PM
චාමර සම්පත් දසනායකගේ හිස් වූ අසුන ලක්ෂ්මන් සෙනෙවිරත්නට
ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස චාමර සම්පත් දසනායක මහතා දිවුරුම් දීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාට හිමිවන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.
ඔහුගේ නම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා මැතිවරණ මහ ලේකම් කාර්යාලයට යොමු කිරීමෙන් පසු එය ගැසට් කිරීමට පියවර ගැණෙනු ඇති.
අප කළ විමසීකදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ, මැතිවරණයට තරග කර මීළගට මනාප ලබා ගත් ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා ඊට සුදුසුකම් ලබන බව ය.
මේ අතර ඌව පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වීම හේතුවෙන් ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධූරය පුරප්පාඩු විය.
අද එම ධූරයට පත්වූ චාමර සම්පත් මහතා ජනාධිපති තුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී චාමර සම්පත් දසනායක මහතා මනාප 64, 418 ක් ලබා ගනිමින් බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්විය.
චාමර සම්පත් මහතා යළි පළාත් සභාවට පැමිණීමත් සමග ඔහුගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු විය.
ඒ අනුව, මැතිවරණයේ ලබාගත් මනාප අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඉදිරියෙන් සිටින ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාට පාර්ලිමේන්තු අසුන හිමිවනු ඇති.

No comments:

Post a Comment