Thursday, September 10, 2015

‘රජයේ ඉඩම් ඥාති සංග්‍රහයට‘ ජනපති කොමිසම ශෂීන්ද්‍රගෙන් ප්‍රශ්න කරයි

2015 සැප්තැම්බර් මස 10 15:47:27 | . , ඉන්දිකා රාමනායක

මහියංගනය නගරයේ රජයට අයත් ඉඩම් තුනක් සිය ඥාතීන් සහ හිත මිතුරන්ට වෙළෙඳසල් ඉදි කිරීමට දුන්නැයි කියන සිද්ධියක් ගැන ඌව හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් ජනාධිපති විශේෂ කොමිසම අද (10) පැය හතරක් ප්‍රශ්න කළ බව කොමිසම කියයි.
පෙරවරු 10ට එහි පෙනී සිටි ශෂීන්ද්‍රගෙන් පස්වරු දෙක දක්වා ප්‍රශ්න කැරිණි.
මහියංගන තැපැල් කන්තෝරුවට අයත් ඉඩමක් ඇතුළු රජයට අයත් වටිනා ඉඩම් තුනක් සිය ඥාතිනට හා හිතවතුනට දීමෙන් වංචාවක් සිදුව ඇති බවට ලද පැමිණිල්ලක් අනුව එම විමර්ශනය ආරම්භ කර තිබේ.
මේ සම්බන්ධයෙන් මහියංගනය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහියංගනය සංවිධායකට එරෙහිවද විමර්ශන ආරම්භ කොට ඇති බව කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

No comments:

Post a Comment