Monday, September 21, 2015

සැප වෑන් රියේ හොර ගවයන් ගෙන යද්දී වාහනය පෙරලි පොලිසියට මාට්ටු

2015-09-21 ප.ව. 1.25 -
මහියංගන කුකුලාපොල සිට දිගන දක්වා සැප වෑන් රියකින් මස් පිනිස ගවයෙකු ප්‍රවාහනය කල වෑන් රථයක් ඊයේ (21) දඹාන වේවත්ත ප්‍ර දේශයේදි අලුයම 3.30ට පමණ පෙරලිම හේතුවෙන් මහියංගන පොලිසිය වෙත අසුවි ඇත.
වෑන් රථයේ සිටි පුද්ගලයෙක් පලාගොස් ඇති අතර වෑන් රථයේ අයිතිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැක කරු හා වෑන් රථය මිට පෙර අවස්ථා දෙකකදීම මෙවැනිම ආකාරයට මස්පිනිස නිති විරෝධිව ගවයන් ප්‍රවාහනය කර මහියංගන පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත් කරන ලද පුද්ගලයෙකි. වෑන් රථයේ ගවයන් බැද ප්‍රවාහනය කිරිම සදහා සිට් ගලවා ගවයන් ගැට ගැසිහ සදහා යකඩ කොකු පාස්සා ඒ වෙනුවෙන්ම සකසා ඇත. අපරික්ෂාකාරි රිය ධාවනය, සත්ව හිංසාව සහ බලපත්‍ර නොමැතිව මස් පිණිස ගවයන් ප්‍රවාහනය යටතේ හා අත් අඩංගුවට ගත් සැකකරු මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා සහ දුෂණ මර් ධන හා නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ම් බි ජි ජි සුදේශ් චතුරංග මහතා උ.පො.ප. වික්‍රමසුරිය, පො.කො. 71610 දනුක, 75337 සදලාල්, 28534 දිසානායක, පොලිස් සහයක 1632 තිලක් යන ප්‍රමුඛ නිළධාරින් පරික්ෂණ කටයුතු සිදු කෙරේ.
ඡායාරූප - පෙරලුන වෑන් රථය හා ගවයන් බැද ගෙනයෑම සදහා අභ්‍යන්තරයේ යකඩ කොකු පාස්සා තිබුු ආකාරය




No comments:

Post a Comment