Sunday, September 13, 2015

පෙරපාසලේ ඉදිකිරිම් ආම්භකල ග්‍රාම නිළධාරි කාර් යාලයේ වැඩ නවති.



ප්‍රවෘත්තිය ඵල දරයි - ළමා අයිතින් උල්ලන්ගනය කරමින් පෙරපාසලේ සෙල්ලම් මිදුලේ ඉදිකිරිම් ආම්භකල ග්‍රාම නිළධාරි කාර් යාලයේ වැඩ නතර කර කැපු වලවල් දැන් වහලා - හෙට(14) මධ්‍යට හා පෙරපාසැලට විරුද්දව ග්‍රාමනිළදාරිතුමියගේ සංවිධානයෙන් විරෝධතාවයක් මේ වන විට සංවිධානය කරමින් පවති
ළමා අයිතින් උල්ලන්ගනය කරමින් මිනිපේ වේරගම වසමේ සමගි පෙරපාසලේ සෙල්ලම් මිදුලේ ඉදිකිරිම් ආරම්භකල ග්‍රාම නිළධාරි කාර් යාලයේ වැඩ මේ වන විට නතර කර දමා කැපු වලවල් සියල්ල වසා දමා ඇත.
මිනිපේ ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශයේ වේරගම වසමේ පවත්වාගෙන යන මුල් ළමාවිය සංවර් ධන මධ්‍යස්ථානයක් වන සමගි පෙරපාසැල් භුමියේ කුඩා දරුවන්ගේ සෙල්ලම් මිදුලේ සවිකර ඇති උපකරණ ගලවා එම ස්ථානයේ ග්‍රාමනිළධාරි කාර්යයාලයක් ඇතුලු සේවාපියසක් ඉදිකිරිම සදහා පසුගිය උදැසන (09) පෙර පාසැල් ගුරුතුමියගේ අවසරයකින් තොරවයි. මිනිපේ ප්‍රා දේශිය ලේකම් සමන්ති නාගස්තැන්න මහත්මියගේ උපදෙස් පරිදි ලේකම් කාර්යාලයේ නිළධාරින් ඒ සදහා පැමිණ සිටියේය.
ඒ සම්බන්දයෙන් මාධ්‍ය අඅනාවරණයන්ගෙන් පසු පසුගිය 11 දින රාත්‍රි 8.00 පමණ ග්‍රාමනිළධාරිවරිය හා ගම්වාසින් පැමිණ ගොඩනැගිල්ල ඉදිකිරිම සදහා කැපු වලවල් සියල්ල පස් දමා වසා ඉදිකිරිම් සදහා රැගෙන ආ භාණ්ඩ සියල්ල ඉවත් කර ගෙන ගොස් ඇත.
ඉදිකිරිම් සදහා ගැලවු දරුවන්ගේ ඔන්චිල්ලා හානි සිදු කර ඇති අතර ඒවා වෙනත් ස්ථානයක ඔහුන් විසින් සවි කර ඇත. හානි සිදු වු ඒවා පිළිසතර කිරිමට ඔහුන් පියවර ගෙන නොමැත.
මෙම පෙර පාසැල් භූමිය මහියංගන රාජමහා විහාරස්ථානයට අයත් භුමියක් වන අතර සංර් වෝදය ව්‍යාපාරය සදහා නිත්‍යානුකූලව රජමහා විහාරය මගින් ලබා ගෙන ඇති අතර පසුව පෙරපාසැල පවත්වාගෙන යෑම සදහා වසර 10කට අධික කාලයක් තිස්සේ ලිඛිතව හා නිත්‍යානුකු පවත්වාගෙන යයි.
පසුගිය 10 වන දින සර් වෝදය ව්‍යාපාරයේ ප්‍රධාන කාර් යාලයේ නිළධාරින් අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ සංඝ සභික මහියංගණ රජමහා විහාරස්ථානයේ භාරකාර රාජකීය පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ බැහැ දැකිමට පැමිනි අතර එහිදි මෙම ගැටලුව සම්බන්දයෙන් සාකච්චා කෙරිනි.
ප්‍රා දේශිය ලේකම් තුමිය පවසව ආකාරයෙන් කිසිදු අනුමැතියක් ප්‍රා දේශිය ලේකම් තුමියට නොදුන් බව සර් වෝදය නිළධාරින් නායක හිමියන් හට දැනුම් දුන්නේය. ඒ අනුව බලහත් කාරයෙන් හා අවසරයකින් තොරව මහියංගන රජමහා විහාරස්ථානයට හා සර් වෝදය ව්‍යාපාරයට අයත් ඉඩමක ගොඩනැගිල්ලක් සදහා ඉදිකිරිම් සිදු කල රාජ්‍ය නිළධාරින්ට විරුද්ධව හසලක පොලිසියේ 10 දින පැමිණිල්ලක් සර් වෝදය නිළධාරින් හා පෙරපාසැල් ගුරුතුමිය විසින් සිදු කෙරින.
පොලිසියේ පැමිණිල්ල දැමිමෙන් පසු 11 දින රාත්‍රි 8.00 පමණ ග්‍රාමනිළධාරිවරිය හා ගම්වාසින් පැමිණ ගොඩනැගිල්ල ඉදිකිරිම සදහා කැපු වලවල් සියල්ල පස් දමා වසා ඉදිකිරිම් සදහා රැගෙන ආ භාණ්ඩ සියල්ල ඉවත් කර ගෙන ගොස් ඇත.
හෙට සදුදා දින උදැසන (14) මාධ්‍යට හා පෙරපාසැලට විරුද්දව විරෝධතාවයක් ග්‍රාම නිළධාරිතුමිය විසින් මේ වන විට ගම්මානයේ ගෙයින් ගෙට ගොස් සංවිධානය කර මින් පවති.



No comments:

Post a Comment