Tuesday, September 22, 2015

ආබාධිත වූ රණවිරුවෙකුට මෙහෙමත් කරනවද ?

ආබාධිත වූ රණවිරුවෙකුට මෙහෙමත් කරනවද ?

https://www.youtube.com/watch?t=1&v=mCtcOIQEx78

යුද්ධයේදී ආබාධිත වූ රණවිරුවෙකුට රජයේ නිලධාරීන් ලබාදුන් ඉඩමක් නැවත පවරා ගැනීමට කටයුතු කරමින් සිටින තවත් රජයේ නිලධාරීන් පිරිසක් පිළිබඳ මහියංගනය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

සුරේෂ් කුමාර පුර්ණ වශයෙන් දෘශ්‍යාබාධිත රණවිරුවෙක්.

2002 වර්ෂයේ යාපනයේ - මුහමාලේ ප්‍රදේශයේ කොටි ත්‍රස්තවාදීන් සමග පැවැති සටනකදී බිම් බෝම්බයකට හසුවීමෙන් මෙලෙස ආබාධිත තත්ත්වයට ඔහු පත්ව තිබෙනවා.

සුරේෂ් විවාහ වී පදිංචිව සිටියේ මීරියබැද්ද ප්‍රදේශයේයි. 2014 වසරේ ඔක්තෝම්බර් 29 වන දින කොස්ලන්ද ප්‍රදේශයේ සිදුවූ දරුණු නායයාම හේතුවෙන් සුරේෂ්ට තම දරු පවුල සමගින් වෙනත් ආරක්ෂිත ස්ථානයකට යාමට සිදු වනවා.

ඒ වනවිට සුරේෂ්ගේ බිරිඳ තුන්වැනි දරුවා ප්‍රසූත කිරීමට සූදානමින් සිටියා.

යුද හමුදාවේ සහය ලබාගෙන නිවසේ ගෘහ භාණ්ඩ ඇතුළු සියලු දේ රැගෙන මහියංගන - ගැමුණුපුර ප්‍රදේශයේ පිහිටි බිරිදගේ දෙමාපියන්ගේ නිවස වෙත පැමිණි සුරේෂ් උත්සාහ දැරුවේ හැකි ඉක්මනින් තමන්ගේම නිවසකට යෑමටයි.

No comments:

Post a Comment