Wednesday, September 16, 2015

සුනාමි මැෂිම පෙරලා වී ගොනි ටික අලි බීලා - වන අලි හානි වලින් මහියංගනයේ ගම්වාසින්ට පීඩා

මහියංගන, මාපාකඩවැව, අක්කර 50, වෙහෙරගලයාය ගම්මානයේ නිවසක් ඉදිරිපිට නවතා තිබු සුනාමි වි මඩින යන්ත්‍රයක් පෙරලා දමා නිවසේ පිටතින් ගොඩ ගසා තිබු වී මිටි තොගයක් වන අලි විසින් අද පාන්දර (14) කා දමා ඇත.
වී අලෙවි මණ්ඩලය වෙත අලෙවි කිරිම සදහා ගෙනයෑමට සුදානම් කර තිබු වී මිටි තොගයක් මෙලෙස වන අලි විසින් හානි සිදු කල බව ගෙහමියා පවසති. බෙහෝ වෙ‍ෙහසක් දරා වන අලියා පන්නා දැමිමට සිදු වු බව ඔහු පවසන අතර ඉන් අනතුරුව අවට පිහිටි වගා භූමියකට වැදි හානි සිදු කල බව ඔහු වැඩිදුරටත් පැවසිය.
මේ දින වල මහියංගනය අවට ගම්මාන වන මාපාකඩවැව, තිස්සපුර, අරාවත්ත යන ප්‍ර දේශවල වන අලි රංචුපිටින් ගම් වදින අතර වන අලින්ගෙන් සිදු වන පිඩා අවම කර ගම්වාසින්හට සහනයක් ලබාදෙන ලෙස ගම්වාසින් ඉල්ලා සිටි.

No comments:

Post a Comment