Tuesday, September 22, 2015

ලක්ෂ්මන් සෙනෙවිරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ අද (22) දිවුරුම් දුන්නේය.

7:50 PM 9/22/2015

එලෙස දිවුරුම් දුන්නේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලක්ෂ්මන් සෙනෙවිරත්න, එක්සත් ජාතික පක්ෂයේ පාලිත තෙවරප්පෙරුම සහ ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක යන මහත්වරු කථානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස අද (22) දිවුරුම් දුන්හ.

ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා අද දිවුරුම් දුන්නේ, චාමර සම්පත් දසනායක මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ය.

පාලිත තෙවරප්පෙරුම මහතා සිය පුත්‍රයාගේ අභාවය හේතුවෙන් පසුගිය පාර්ලිමේන්තු සභා වාරවලට නොපැමිණියේ ය.

සරත්චන්ද්‍ර මායාදුන්නේ මහතාගේ ඉල්ලා අස් වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා බිමල් රත්නායක මහතා අද දිවුරුම් දුන්නේ ය.

No comments:

Post a Comment