Sunday, September 6, 2015

“මගේ ගමන ඔය මඩ ප‍්‍රචාරයන්ගෙන් නතර කරන්න බැ“ - සමන්ත විද්‍යාරත්නගේ චෝදනාවලට අනුර විදානගමගේ ගෙන් පිළිතුරු


2015-09-06 ප.ව. 8.59
ඌව පළාත් සභාවේ ප‍්‍රධාන අමත්‍ය තනතුරට තමන් සුදුසු කම් ලබා තිබෙන හෙයින් එයට ක්‍රෝධයෙන් වෛරයෙන් ඉරිසියාවෙන් පෙලෙන පිරිසක්  සුක්ෂම ලෙස එය තමන්ගෙන් ඉවත් කිරිමට  ඉතා අසාර්ථක ප‍්‍රයතනයක යෙදි ඇති බවත් ඒ සදහා උපයෝගි කරගෙන ඇති මඩ ප‍්‍රචාරය තමන් හෙළාදකින බවත් ඌව පළාත් සභා අමාත්‍ය ශ‍්‍රිලංනිප මහියංගන ආසන සංවිධායක අනුර විදානගමගේ මහතා පැවසිය
මහියංගනය නගරය සංවර්ධනය කොට වසර හතරක පමණ කාලයන් ගතවි ඇති අතර මෙම සංවර්ධන වැඩසටහන ආරම්භ කරණ දිනවල හ`ඩ නොනැගු පිරිස් සිහිනෙන් අවදි වි ඇතිවාසේ දැන් හ`ඩ නගන්නට පටන්ගෙන ඇත්තේ එක එක්කෙනාගේ මුදලට හා පදයට යටත්ව තමන් ඌව පළාතේ ප‍්‍රධාන ඇමති වරයා බවට පත්විම පිළිබ`දව පවතින ඉරිසියාවෙන් බවත් තමන් විශ්වාස කරන බව ද ඇමති වරයා ස`දහන් කළේය
 අමාත්‍ය අනුර විදානගමගේ මහතා මෙම අදහස් පලකළේ මහියංගනය නගරය සංවර්ධනය කිරිමේදි අක‍්‍රමකතා රාශියක් සිදුවුවා යැයි කියමින් ජවිපේ ඌව පළාත් සභා මන්ත‍්‍රි සමන්ත විද්‍යාරත්න මහතා විසින් දැඩි මුල්‍ය වංචා ඒකකයට පැමිනිලි කිරිමෙන් පසු අනුර විදානගමගේ මහතා ගේ නම ස`දහන් කරමින් මාධ්‍ය හරහා කරන ලද ප්‍රකාශයට පිලිතුරු ලබා දිම ස`දහා ඉකුත් 06 වෙනි දින මහියංගන සොරබොර ගෙදර හෝටලයේ පැවති මාධ්‍යය දැනුවත් කිරිමෙ’ හමුවකදිය
මෙම හමුව ස`දහා මහියංගන ප‍්‍රාදේශි සභාවේ හිටපු සභාපති ඩබ් එම් සුනිල් රිදිමාලියද්ද ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපති කරු විරරත්න යන මහත්වරුන් ද එක්විය.
මෙහිදි තව දුරටත් සිය අදහස් පළ කළ අමාත්‍ය වරයා මෙසේ ද පැවසිය මෙයට දින දෙකකට කලින් මට අභියෝගාත්මක පණිවිඩයක් මාධ්‍ය තුලින් දැනගන්නට ලැබුනා එයින් සදහන් වුනේ මහියංගනය සංවර්ධනය කිරිමේදි සිදුවු වා යැයි කියන සිද්ධියක් සම්බන්දයෙන් මුල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිනිල්ලක් කර ඇති බවයි.  මේ පිළිබ`දව විශේෂයෙන් කිව යුතු කාරනයක් තමයි ඌව පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය තනතුර පිළිබදව. මේ තනතුරට මම සුදුසු කම් ලබා සිටිනවා නමුත් මේ තනතුරට තවත් පිරිසක් සුදානම් වෙලා සිටිනවා. ඒ කට්ටියගේ උවමනාව මත සමන්ත විද්‍යාරත්න මහතා මුල්‍ය අපරාධ කොට්ඨාශයට පැමනිල්ලක් කර තිබෙනවා මම ඉල්ලා සිටින්නේ මෙම පැමිනිල්ල අපක්ෂපාතිව ඉතා ඉක්මනින්ම පරික්ෂණ කරලා සාධාරණ තින්දුවක් ලබා දිමට පියවර ගන්නා ලෙසයි.
මම පැහැදිවම කිවයුතු කාරණයක් තිබෙනවා. යම් කිසි ආකාරයකින් ඌව පළාත් සභාවේ අමාත්‍ය වරයෙකු වශයෙන් අවුරුදු 4 කට වැඩි කාලයක් සේවය කර තිබෙනවා. මේ කාලය තුල යම් කිසි ආකාරයකින් මුදල් වංචාවක් එහෙම, නැතිනම් රජයේ මුදල් අවභාවිතයක් කර තිබෙනවා, මං කොල්ල කාලා කියලා තියෙනවා, එහෙම නැතිනම් මහජනතාව භිය වද්දලා රජයේ මුදල් මහජන මුදල් කොල්ල කා තිබෙනවා කියලයි චෝදනා කරන්නේ ඒ නිසා. මේ ගැන පරික්ෂණ පවත්වලා රුපියලක හෝ වංචාවක් කරලා තියෙනවානම්, ඒ වර`දට දිය යුතු ඉහළම ද`ඩුවම වන මරණ ද`ඩුවම ලබාදෙන්න කියා ඉල්ලා සිටිනවා.  එහෙම නැතිනම් ජිවිතාන්තය දක්වා සිර ද`ඩුවම් ලබා දෙන්න කියලා මම නිතියෙන් අනිවාර් යෙන්ම ඉල්ලා සිටිනවා.
මේ පිළිබ`දව මම දේශපාලඥයෙක් විදිහට පැහැදිලි ප‍්‍රකාශයක් කළ යුතුයි මගේ දරුවන් මගෙන් නගන ප‍්‍රශ්ණයක් තියෙනවා. මම පියෙක් විදිහට මේ අය උසස් අධ්‍යාපනය ලබන අය. තාත්තා බුදුන් වැඩිය දේශයේ සිටින කෙනෙක්. අපිට මතකයි ඔබ අපිව මහියංගන සමන් දේවාලයට රුගෙන ගිහිල්ලා අපි ඉදිරියේ ඔබ ප‍්‍රකාශයක් දුන්නා මහජන මුදල් කොල්ල කලා ඒ මුදලින් මගේ දරුවන්ට කන්න අ`දින්න දුන්නොත් මට සාපවෙනවා කියලා. ජනතාව ඉදිරියේ දි පොරොන්දුවක් දුන්නානේද කියලා ඇහුවා. මම තමයි තමන්ගේ දරුවන්ගේ හිස මත අත තියලා ජනතාවට පොරොන්දුවක් දුන්න එකම දේශපලනඥයා. මම සතුටු වෙනවා එහෙම පොරොන්දුවක් දිලා මහියංගනය ඉතා දර්ශණිය අන්දමින් අලංකාර අන්දමින් ගොඩනගන්න මට පුලුවන් උනා.  
අද ඔබ දකිනවා එදා මහියංගනයත් අද මහියංගනයත්. එදා ගවයන් ලගින මඩ ගොහොරුවක් ව තිබු නගරය අද සිය`ථ පහසුකම් වලින් සමන් විත අලංකාර නගරයක් වි තිබෙනවා මෙම නගර සංවර්ධනයට ඉරිසියා කරණ අය අපිට මඩ ප‍්‍රචාර කරමින් විවිධ උපක‍්‍රම යොදමින් අපි ව විනාශ කරන්න උත්සහා ගන්නවා. නමුත් මහියංගනයේ ජනතාව දන්නවා අපි නිවැරදි දර්ශණයක් තුලින් විනිවිධ භාවයකින් යුතුව කටයුතු කළා කියන්න. ඒ නිසයි පසුගිය මැතිවරණයේ දිත් අපිව ජයග‍්‍රහණය කරලා පළාතේ ඉතිරි සංවර්ධන කරන්න කියා මනාපය දුන්නේ.
 මම කියා සිටිනවා මට එරෙහිව චෝදනා ඉදිරිපත් කරණ අයට පදනම් විරහිත චෝදනා ගෙනල්ලා අපිව විනාශ කරන්න බැහැ කියලා. කොපමණ මඩ ගැහුවත් කොපමණ අවලාද කිව්වත් අපි ගැන ජනතාව දන්නවා. ඒ වගේම අපිට ඇගිල්ල දිගු කරන අය ගැනත් ඒ අයගේ කෙරුම් ගැනත් ජනතාවත් ඉහළ දෙශපාලන නායකත්වයත් පැහැදිලිව දන්නවා.

අමාථ්‍යමණ්ඩලය දිව්රුම් දීමේදි මීට දින දෙකකට කලින් ගරු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා හොද ප්‍රකාශයක් කලා. බුදුරජානන්වහන්සේ රහසින්වත් පව් නොකල සේක. ඒක ඉතාමත්ම වැදගත් ප්‍රකාශයක්. ඒ කෙන් එතුමා අදහක් කලේ යමෙක් මහජන මුදල් කොල්ල කනවානම් රජයේ දේපල කොල්ල කනවාද මැරෙන මෙහොතේ හරි ඒක විදවනවා නැත්නම් කරුවෝ හරි විදවනවා කියන එක තමයි. මගේ දේශපාලන දිවියේ අහපු වැදගත්ම කථාව තමයි එතුමාගේ ඒ කථාව. මේ රට ආසියාවේ දැවැන්ත සංවර් ධිත රට බවට පත් කරන්නම් බුදුන්ගේ ඒ ධර්ම දේශනය ඉතා වැදගත්. දේශපාලන නායකයන්ට රාජ්‍ය නිළධාරින්ට ඒ ප්‍රකාශ ඉතා වැදගත් වෙනවා මහජනතාවට සේවය කිරිමේදි.


 ඒ නිසා මම කියනවා මගේ ගමන ඔය මඩ ප‍්‍රචාරයන්ගෙන් නතර කරන්න බැහැ කියලත් කියන්න කැමතියි යැයි ද පැවසියි

Video >> 01
https://www.facebook.com/NewsatMahiyangana/videos/vb.160815704047919/733073616822122/?type=2&theater

Video >> 02
https://www.facebook.com/NewsatMahiyangana/videos/vb.160815704047919/732906026838881/?type=2&theater

No comments:

Post a Comment