Wednesday, September 23, 2015

යතුරුපැදියේ තනි රෝදෙන් වැඩ දාලා උසාවියෙන් 64000ක් දඩ කයි

2015-09-23 පෙ.ව. 11.54 
https://www.facebook.com/NewsatMahiyangana 

මනුෂ්‍ය ජිවිත අනතුරුදායක වන පරිදි ප්‍රසිද්ධ මාර් ගයක අපරික්ෂාකාරි ලෙස යතුරුපැදි පැදවීම, වාහනයේ නිර්මාණය වෙනස් කර ධාවනය, ප්‍රධාන මාර් ගයේ ගමනාගමනය අවහිර වන ලෙස යතුරුපැදි දාවනය යන චෝදනා යටතේ මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල පාසැල් වයසේ පසුවන තරුණයක් දෙදෙනෙකු හට නව මහියංගන මහේස්ත්‍රාත් තිෂානි තේනබදු මහත්මිය විසින් එක් අයෙකුට රුපියල් 64000ක් හා 53000ක් දඩ මුදල් ගෙවන ලෙස  ඊ ෙය් (22) නියෝග කනු ලැබිය.
මේ ආකාරයෙන් දඩ මුදල් ගෙවිමට නියමු වුයේ මහියංගන ලංගම ඩිපෝව ඉදිරිපිට මාර් ගයේ යතුරු පැදි මගින් තනිරෝදයෙන් ගමන් කරමින් විවිධ ක්‍රියාකාරකම් වල නියැලුන තරුණයන් දෙදෙනෙකු සම්බන්දයෙන් 119 වෙත ප්‍ර දේශවාසියෙකු විසින් කරනු ලැබුන දැනුම්දිමකට අනුවය. මහියංගන පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් එම ස්තානයට ගොස් අදාල තරුණයන් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගනු ලැබිය.
එක් තරුණයෙකු සදහා රියදුරු බලපත්‍රයක්ද නොමැති අතර , යතුරුපැදිය සදහා රක්ෂණ සහතිකය නොමැති බවත්, යතුරුපැදිය ලියාපදිංචි කිරිමද සිදු කර නොමැති බව පොලිස් නිළධාරින් ප්‍රකාශ කර සිටියේය. 
මෝටර ් රථ ප්‍රවාහන දෙපාර ්ථමේන්තුවේ රථවාහන පරික්ෂක විසින් යතුරුපැදි දෙක ධාවනයට නුසුදුසු බවට සහතික කර ඇති අතර යතුරුපැදි දෙක යකස් කර, බදුල්ලට රැගෙන ගොස් පෙන්වන ලෙස නියෝග කර ඇත.‍


No comments:

Post a Comment