Tuesday, September 22, 2015

වාහන තෙල් බැරල් වල පොල්තෙල් ගබඩා කර උසාවි යන්න වෙයි - නගරයේ තොග බඩු කඩයක් මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන්ගේ පරික්ෂාවට


 9/22/2015 10:35 PM
වාහන තෙල් බැරල් වල පොල් තෙල් (ෆාම් ඔයිල් ) ගබඩා කරගනිමින් මහජනතාවට අලෙවි කල මහියංගන නගරයේ ලංගම ඩිපෝවට ආසන්නයේ ඇති තොග බඩු අලෙවි කරනා ව්‍යාපාරික ස්ථානයක් අද (22) සවස මහියංගන සෞඛ වෛද්‍ය නිළධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන්ගේ පරික්ෂාවට ලක්කිරිමෙන් අනතුරුව ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුට එරෙහිව අධිකරන ක්‍රියාමාර් ග ගැනිනි.
රසායන ද්‍රව්‍ය, ලිහසි තෙල්, ග්‍රිස් වැනි ද්‍රව්‍ය වෙළෙද පලට පැමිනි බැරල් එම ද්‍රව්‍ය අවසන් විමෙන් පසු වෙනත් කාර්යන් සදහා ප්‍ර යෝජනයට ගැනිමේදි ආහාර ද්‍රව්‍ය ඇසිරිම, පරිබෝජනයට ගන්නා තෙල් වර් ග ඇසිරිම නිතියෙන් තහනම් කර ඇත. ඒ අනුව මෙම පරික්ෂාවන් සිදු කර ඇත.

මහියංගන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ වෛද්‍ය සි පි ලොකුගිගන මහතාගේ උපදෙස් පරිදි ආර් එම් ටි පි විජේසෝම, ඒ එම් එස් අබේසේකර යන මහජන සෞඛ්‍ය මහතුන් විසින් මෙම ස්ථානය පරික්ෂා කිරිම සිදු කරන ලදි





No comments:

Post a Comment