Tuesday, September 15, 2015

උෟව මහ ඇමැති චාමර

උෟව මහ ඇමැති චාමර
2015 සැප්තැම්බර් මස 15 10:49:54 | .







ඌව මහ ඇමැති ලෙස චාමර සම්පත් දසනායක මහතා මීට සුළු මොහොතකට පෙර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
2009 වසරේ සිට ඌව පළාත් සභා මන්ති‍්‍රවරයෙකු ලෙස කටයුතු කළ චාමර සම්පත් දසනායක මහතා 2014 වසරේදී ඌව පළාත් කි‍්‍රඩා, යෞවන කටයුතු, විදුලිබල, පේෂකර්ම, කුඩා කර්මාන්ත සහ සමුපකාර අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත.
හිටපු ඌව මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා මෙවර මහ මැතිවරණයේදී වැඩිම මනාප ලබා පාර්ලිමේන්තුවට තේරී පත්වීම නිසා චාමර සම්පත් දසනායක මහතාට මහ ඇමැති ධූරය හිමිවිය.
හරීන් ප්‍රනාන්දු මහතා මහ ඇමැතිවීමට පෙර 2014 වසරේ පැවැති ඌව පළාත් සභා මැතිවරණයේදී බහුතර ආසන දිනාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මහ ඇමැති ධූරයට පත්ව සිටියේය. පසුව ශෂීන්ද්‍ර රාජපක්ෂට විරුද්ධව සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් ඉවත්වීම නිසා වැඩි බහුතර ආසන සංඛ්‍යාවක් එක්සත් ජාතික පක්ෂයට හිමිවිය. ඒ අනුව හරීන් ප්‍රනාන්දු මහතා මහ ඇමැති ලෙස තෝරා ගැනුණි. 
නැවත මන්ත්‍රීවරු සන්ධානයට එක්වීමෙන් පසු වැඩි බහුතර සංඛ්‍යාවක් සන්ධානයට හිමි බැවින් මහ ඇමැති ධූරය සන්ධානයේ චාමර සම්පත් දසනායක මහතාට පිරිනැමිණි.
නව මහ ඇමැති ධූරයට පත්වූ චාමර සම්පත් දසනායක මහතා මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටියේය. ඒ අනුව ඔහුගෙන් පුරප්පාඩු වන සන්ධාන පාර්ලිමේන්තු අසුනට මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා තේරී පත්වනු ඇතැයි දේශපාලන ආරංචි පවසයි.

No comments:

Post a Comment