Sunday, September 13, 2015

ඌව පළාත් සභාව අකර්මණ්‍ය වෙලා

( නිශාන් ද සිල්වා ) 2015-09-13 12:14:55 

ඌව පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍යවරයා සහ අමාත්‍යවරුන් කඩිනමින් පත් නොකළහොත් ලබන සතියේදී විරෝධතා අරඹන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේ පළාත් සභාව මාස 3 ක පමණ කාලයක් තිස්සේ අකර්මණ්‍ය වී ඇති බවයි. ඌව පළාත් සභා මැතිවරණය පවත්වා වසරක කාලයක් ගෙවෙමින් ඇති බවත් මහඇමතිකම් දෙදෙනෙකු අතර මාරු වී ඇති බවත් හෙතෙම පැවසුවා.
ඌව පළාත් සභාව අකර්මණ්‍ය වීමෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින බවයි සමන්ත විද්‍යාරත්න මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ලිපියකට අත්සන් කිරීමට, චෙක් පතකට අත්සන් කිරීමට මෙන්ම පළාතේ විවිධ ගැටළු සඳහා විසඳුම් ලබා දීමට නොහැකි වීමෙන් මෙම ගැටලුකාරී තත්ත්වයන් පැණ නැගී ඇති බවයි ඔහු පවසන්නේ.

No comments:

Post a Comment