Friday, September 4, 2015

ජනපතිතුමන්ගේ “මතින් නිදහස් රටක් “ සංකල්පය පිළිබද ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් මහියංගනයේ



149 පොලිස් දින සැමරුමට සමගාමිව අතිගරු ජනපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ “ මතින් නිදහස් රටක් “ සංකල්පය යටතේ දුම්වැටි, මධ්‍යසාර ඇතුලු මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද ජනතාව දැනුවත් කිරිමේ රට පුරා ක්‍රියාත්මක වැඩසටහන් අතුරෙන් එක් වැඩසටහනක් ඊයේ (03) සවස 4.00ට මහියංගන නගරයේදි ක්‍රියාත්මක කෙරිනි. ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය හා මහියංගන පොලිසිය මැදිහත් වි මෙම වැඩ සටහන ක්‍රියාත්මක කෙරින. ජනතාව දැනුවත් කිරිමේඅත්පත්‍රිකා හා මහියංගන නගරයේ හෝටල් ව්‍යාපාරිකයන් දැනුවත් කිරිම මෙහිදි සිදු කෙරින.
අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාවේ ලේඛකාධිකාරී මහියංගණ රජමහා විහාරස්ථානයේ භාරකාර රාජකීය පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්  මෙම මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද ජනතාව දැනුවත් කිරිම සිදු කල අතර මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා හා මහියංගන පොලිස්ථානයේ නිළධාරින් සහ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ  මෙහෙයුම් ඒකකයයේ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධිකාරක හා ජාතික වැඩසටහන් සම්බන්ධිකාරක නලින් රමේෂ් අමරසිංහ මහතාගේ සංවිධානයෙන් මෙම වැඩ සටහන සංවිධානය කර තිබුනි.



No comments:

Post a Comment