Saturday, September 19, 2015

වැලිලොරියට ගුවන් හමුදා කැබ්රථය හැප්පී සෙබලෙක් රෝහලේ - රෝගියා ඇතුලත් කිරිමට ගිය වැන් එකට කාන්තාවන් 2ක් හැප්පිලා ඒ දෙදෙනත් රෝහලේ

වැලිලොරියට ගුවන් හමුදා කැබ්රථය හැප්පී සෙබලෙක් රෝහලේ - රෝගියා ඇතුලත් කිරිමට ගිය වැන් එකට කාන්තාවන් 2ක් හැප්පිලා ඒ දෙදෙනත් රෝහලේ
19/09/2015 12:37

දියතලාවේ සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් කරමින් තිබු ගුවන් හමුදා කැබ් රථයක් හා කොළඹ බලා ගමන් කරමින් තිබු වැලි ටිපර් රථයක් මහියංගන මාපාකඩවැව 17 කණුව ප්‍ර දේශයේදි අද (19) උදැසන 7.00ට පමණ ගැටි ගුවන් හමුදා කැබ් රථයයේ ගමන් ගත් හමුදා නිළධාරිවරයෙකු  තුවාල ලබා මහියංගන මුලික රෝහල වෙත ප්‍රතිකාර කිරිම සදහා ඇතුලත් කර ඇත. එසේ ඇතුලත් කරනු ලැබු හමුදා නිළධාරිවරයාගේ තත්වය බරපතල නොවේ.
තුවාල ලැබු හමුදා නිළධාරිවරයා රෝහල වෙත ඇතුලත් කිරිමට රැගෙන යෑමේදි රෝගියා රැගෙන ගිය වෑන්එකට හැප්පී කාන්තාවන් 2ක් සුලු තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල වෙත ඇතුලත් කර ඇත. මහියංගන රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනිම සදහා පැමිණි කාන්තාවන් දෙදෙනෙකු මෙසේ රෝහලේ බාහිර රෝගි ප්‍රතිකර අංශය ඉදිරිපිටදි වැන් රථයට හැප්පී ඇත.
සිද්දිය සම්බන්දයෙන් මහියංගන පොලිස්ථානයේ රථවාහන අංශය පරික්ෂණ කටයුතු සිදු කෙරේ.






No comments:

Post a Comment