Monday, September 21, 2015

මහ ඇමති වැඩ අල්ලලා? මන්ත්‍රී රෝහලේ!


2015-09-21 13:11:09
ප්‍රධාන අමාත්‍යවරයාගේ පහරකෑමට ලක්වූ බව කියන පස්සර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු රෝහල් ගතව සිටිනවා. එසේ රෝහල්ගතව ඇත්තේ ඇත්තේ, එක්සත් ජාතික පක්ෂ පස්සර ප්‍රාදේශීය සභා මන්ත්‍රී රුක්මන් ගාමිණී රාජපක්ෂ මහතා ය.
ඊයේ (20) පස්වරුවේ, පස්සර ප්‍රාදේශීය සභාව ඉදිරිපිටදී පහරදීම සිදුවූ බව ඔහු මාධ්‍ය වෙත පවසා තිබෙනවා, ඒ පිළිබඳව ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගෙන් මාධ්‍ය වෙත ලැබී ඇත්තේ තමා ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරනා බව සඳහන් පිළිතුරකි.
පහරකෑමට ලක්වූ එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය මන්ත්‍රී රුක්මන් ගාමිණී රාජපක්ෂ මහතා පස්සර දිසා රෝහලේ ප්‍රතිකාර ලබනවා
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
- See more at:http://offair.nethfm.com/article/26454#sthash.OqLO2boG.dpuf

No comments:

Post a Comment