Sunday, September 13, 2015

පන්ති යන්න පැමිනි සිසුවා බීමත්ව දියේ ගිලි මියයි

පන්ති යන්න පැමිනි සිසුවා බීමත්ව දියේ ගිලි මියයි
2015-09-13 ප.ව. 8.45

අමතර පන්ති යෑම සදහා මහියංගනයට පැමිණි සිසුන් 5ස් දෙනෙකු පන්ති යෑම පසෙක තබා මත්පැන් පානය කිරිම සදහා පදියතලා මාර් ගයේ 47 කණුව ප්‍ර දේශයේ කුඩාගලයාය ගම්මානයේ වැවක් වෙත ගොස් බිමත්ව දිය නෑමට ගොස් එක් සිසුවෙකු දියේ ගිලි මිය ගොස් ඇත. අද (13) දින සවස 3.00-3.30ත් අතර කාලයේදි මෙම සිදුවිම සිදු වී ඇත.

මෙසේ දියේ ගිලි මිය ගොස් ඇත්තේ රිදිමාලියද්ද, ඌරණිය, 12 කණුව ප්‍ර දේශයේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ චතුරංග සදරුවන් නම් වයස 17 සිසුවෙකි. මේ ආකාරයෙන් දියේ ගිලි මිය ගිය සිසුවාහට පිහිනිමට නොහැකි අතර බිමත්ව සිටිම හේතුවෙන් දියේ දිය නෑමය ගොස් මෙම අවාසනාවන්ත මරණය සිදු වි ඇත. මෙම සිසුවා දියේ ගිලි පිහිනිමට නොහැකි දගලන අවස්ථාවේදි යහලුවන් එක්ව ඔහුව බේරාගෙන ත්‍රිෙරා්ද රථයකින් මහියංගන මුලික රෝහල වෙත රැගෙනවිත් ඇති අතර ඒ වන විටත් සිදුවා මියගොස් සිට ඇත.

සිද්ධිය සම්බන්දයෙන් පොලිස් පරික්ෂණ මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර  මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන අතර මරණ පරික්ෂණය  හෙට දින (14) උදැසන සිදු කිරිමට වෛද්‍යවරු තිරණය කර ඇත.

No comments:

Post a Comment