Sunday, July 19, 2015

දෙයියෝ සාක්කි - හොරා කඩේ බිද බඩු කරේ තියාගෙන යදිදීජ තවත් හොරෙකුට මාට්ටුවි බඩු විකුණන්න හදලා.... ඒකෙන් හොරා පොලිසියට මාට්ටු වෙයි

  7/19/2015 8:08 PM
සොරෙක් වෙළෙදසැලක්  බිද සොරගන්නා ලද බඩු කරේ තියාගෙන යදිදී තවත් හොරෙකුට රාත්‍රියේදි හමුවිමෙන් පසු  බඩු විකිණිමට උත්සාහා දැරිමෙන් වෙළෙදසැල බින්ද සොරා අත් අඩංගුවට ගැනිමට හැකිවීමේ සිදු වීමක් මහියංගන පොලිසියෙන් වාර්ථාවේ.  

පසුගිය 13 දා රාත්‍රි මහියංගන පුජානගරයේ අංක 14 වෙළෙදසැල රාත්‍රියේ බිද එහි තිබු බඩු සොරකම් කිරමක් සිදුවු අතර ඒ සම්බන්දයෙන් 14 දින වෙළෙදසැල් හිමිකරු මහියංගන පොලිසියට පැමිණිලි කර ඇත.

සිද්දිය සම්බන්දයෙන් මහියංගන පොලිසිස්ථානයේ නිළධාරින් විමර්ෂණ කටයුතු ආරම්භ කලද සොරකම සම්බන්දයෙන් සොරතුරු කිසිවක් සොයා ගැනිමට නොහැකි විය. පසුව සිය උකුසු ඇස යොමා ප්‍ර දේශයේ මිට ඉහත සිදු වු සොරක්ම සම්බන්දයෙන් අවධානය යොමු කර ඒ හා සම්බන්ද පුද්ගලයන්   කිහිපදෙනෙකුගෙන් ප්‍රශ්න කිරිමේදි රාත්‍රි තමාට බඩු විකිණීමට උත්සාහ ගත් පුද්ගලයෙක් සම්බන්දයෙන් තොතුරු පොලිසිය වෙත පුද්ගලයෙක් විසින් අනාවරණය කර ඇත.

ඒ තොරතුරු හරහා මහියංගන පොලිසියේ අපරාධ අංශයේ නිළධාරින් හබාගොස් මිනිපේ ප්‍ර දේශයේ පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනිමට හැකි වු අතර සොරාගන්නා ලද වෙළෙදසැලේ බඩු මුට්ටු ගඩොල් පෝරණුවක අලුයට සගවා තිබියදි සොයාගැනිමට හැකි වු අතර සැකකාර පුද්ගලයා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරනු ලැබිය.

පසුගිය 13 දා රාත්‍රි මහියංගන පුජානගරයේ අංක 14 වෙළෙදසැල රාත්‍රියේ බිද වෙළෙදසැලෙන් සොරාගන්නා ලද බඩු මුට්ටු පොහොර උරයක දමා කරතියාගෙන යද්දී ප්‍ර දේශයේ තවත් තවත් හොරෙකුට රාත්‍රි හමු වීමෙන් පසු කොහෙන්ද මේ බඩු යැයි විමසා ඇත.  එහිදි තම කරේ තිබු පොහොර උරයේ තිබෙන බඩු පිළිබද සදහන් කර ඇති අතර ඒවායෙන් කොටසක් අවශ්‍යනම් හමුවු  තම මිතුරාට මුදලට ලබාගැනිමට හැකි බව පවසා ඇත. එහිදි හමු වු පුද්ගලයා බඩු මිළදි ගැනිමට අවශ්‍ය නොවන බව පවසා පිටව ගොස් ඇත.

පොලිසයේ උකුසු ඇස හේතුවෙන් අණාවරනය කර ගැනිමට නොහැකි සොරකමක් විමට තිබු සොරකමක තොරතුරු හෙලි කර ගැනිමටත් සොරාට නිතියෙන් දඩුවම් ලබා දීමටත් හැකි වි තිබේ.

මේ සම්බන්දයෙන් මහියංගන පොලිස්ථානයේ බොහෝ වෙහෙස මහන්සිවු පොලිස් නිළධාරින් වන්නේ මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතාගේ අධික්ෂණයෙන් මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර  මහතා අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ජයතිලක හා පො.සැ. 2236 විමලසිර, පො. කො. 28533 සෙනෙවිරත්න, 7698 කරුණාතිලක, 38588 සම්පත්, 72264 කුමාර, කාන්තා පොලිස් 8995 සමන්ති, 7717 ඉනෝකා,   2807 නිල්මිණි යන නිළධාරින් වේ.


No comments:

Post a Comment