Friday, July 17, 2015

ටෙළි නිළියක් සමග මහියංගණයේ කාන්තාවන් සිටි සුපිරි ගණිකා නිවාසයක් වටලයි!

7/17/2015 6:58 PM
අසල්වැසියන්ගෙන් ලැබුණු පැමිණිලිවලින් අනතුරුව ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ සුපිරි දෙමහල් නිවෙසක කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් සිවු දෙනකු සමඟ එහි කළමනාකරු අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සමත් වී ඇත.

මෙසේ අත්අඩංගුවට ගත් කාන්තාවන් අනුරාධපුර - තංගල්ල - මහියංගණය - මීගමුව වැනි පිට පළාත්වලින් පැමිණි වයස 22 සහ 30 අතරේ පසුවන අය බවත්, කොළඹ රැකියා කිරීමට එන බව කියා ගණිකා වෘත්තියේ නියැළී ඇති බවත් පොලිසිය පවසයි. මෙහිදී කාන්තාවක් රුපියල් දෙදහසේ සිට ඉහළ මුදලකට අලෙවි වූ බව වාර්තා වන අතර අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර සුප්‍රසිද්ධ ටෙලි නාට්‍ය නිළියක්ද සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ අලුත්කඩේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකක දඩ නියම කළ අතර දඩ ගෙවා ගැනීමට නොහැකි වූ සැකකාරියන් දෙපළක් ප්‍රජා සේවයේ යෙදවීමට අධිකරණයෙන් නියම කොට තිබේ. 

නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ගයාන් ධම්මික මහතා සමඟ පොලිස් කොස්තාපල්වරු වන මධුශංඛ (69981), ක්‍රිෂාන්ත (73013), අමරසිංහ (52480), කාන්තා පොලිස් කොස්තාපල් මධුෂානි (8481) යන නිලධාරීන් විසින් වැටලීම කර ඇත.

No comments:

Post a Comment