Sunday, July 5, 2015

පූජ්‍ය දඹර අමිල හිමියෝ මෙසේ පැවසූහ......


පූජ්‍ය දඹර අමිල හිමියෝ මෙසේ පැවසූහ......
05-07-2015 22:07
හිටපු අග විනිසුරුවරයා මේ මෑතකදී එනම් ජනවාරි අට වෙනිදාට පෙර ඉතාමත් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා.හෙල්පින් හම්බන්තොට ගිණුම සම්බන්ධව තිබිච්ච නඩුවේදී මහින්ද රාජපක්ෂ ඇත්තටම ඒ වංචාව සිදු කරලා තියෙන බව.ඒ වගේම ඒක ඔප්පුවුන බවත් ඔහුකීවා.තමා තමයි එම නඩුව ඇසුවේ,විමසුවේ,ඒකෙදි පැහැදිලිව ඔප්පුවුනාය කියලා ඔහු කව්වා, නමුත් තමා ඊට විරුද්ධව තීන්දුව දුන්නේ  නැහැයි කියලා කිව්වා.ඒ කියන්නේ ඔහුව නිදොස් කොට නිදහස් කරන ස්ථාවරයක් අරගෙන ඔහු මහින්ද රාජපක්ෂව නිදහස් කළා කියලා කිව්වා. බැරි වෙලාවත් මම නිවැරදි තීන්දුව දුන්නොත් එහෙම මහින්ද රාජපක්ෂ මෙලහකටත් හිර ගෙදර තමයි ඉන්නේ කියලා ඔහු කිව්වා.එතකොට එහෙම කිව්වා කියලා කියනකොට හරි පැහැදිලියි මහින්ද රාජපක්ෂ චූදිතයෙක් නෙවෙයි වරදකරුවෙක්බවට,ඇත්තටම,එම ප්‍රකාශය මගින් පැහැදිලි වෙනවා,ඒ කියන්නේ වංචාවක් කළා ,හොරකමක් කළා,ජාතිය සතු සම්පත් හොරා කෑවා කියන කථාව තමයි ඒකෙන් කියැවෙන්නේ.ඒ කියන්නේ,කෙටියෙන් කියනවානම් මහින්ද රාජපක්ෂ වංචාකාරයෙන්,හොරෙක් කියන එක ඉතාමත්ම පැහැදිලියි.එහෙම නම් එවැනි අයට කොහොමද මේ නාම යෝජනා දෙන්නේ කියන ප්‍රශ්නයපැන නගිනවා යනුවෙන් පූජ්‍ය දඹර අමිල හිමියෝ පැවසූහ.උන් වහන්සේ එසේ ප්‍රකාශ කළේ  මහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එළැඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්  නාමයෝජනා ලබාදීමට එරෙහිව පසුගිය සෙනසුරාදා(04දා) පස්වරුවේ මහියංගණය නගරයේදී මාධ්‍යෙව්දීන් කිහිප දෙනෙකු අමතමිනි.

 තව දුරටත් අදහස් දැක්වූ පූජ්‍ය දඹර අමිල හිමියෝ,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් මේවෙන කොට තීරණය කරලා තිබෙනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා ලබාදෙන්න මේ ඉදිරි මැතිවරණයට තරඟ කරන්න. එතකොට ප්‍රශ්නයක් පැන නගිනවා මෛත්‍රීපාල සිරිසේන මහතා පෙනී සිටියේ යහ පාලනය වෙනුවෙන්.ඒ කියන්නේ සොරකම් වලට,වංචා වලට,  දූෂණවලට විරුද්ධව ඒවගේම එතනෝල් කාරයින්ට,ව්‍යාපාරිකයින්ට,කුඩුකාරයින්ට,සූදුකාරයින්ට එරෙහිව මේ රටේ යහපත් පාලනයක්,යහපත් සමාජයක් ඇති කරන්න ඕනෑ කියලායි.ඒ වෙනුවෙන් තමයි විවිධ බලවේග ඇත්තටම පෙනී ඉඳලා අට වෙනිදා එය ජයග්‍රහණය කළේ.එම අභිලාශයවෙනුවෙන් තමයි පෙනී හිටියේ.අදත් අපේ රටේ ඉදිරි මැතිවරණය වෙනුවෙන් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ ඉතාමත්ම වැදගත් මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න.එතනෝල් කාරයෝ නෙවෙයි,වංචාකාරයෝ නෙවෙයි,හොරු නෙවෙයි,රටේ සම්පත් මංකොල්ලකාපු අයනෙවෙයි,මිනීමරුවෝ නොවන අය පාර්ලිමේන්තුවට යවන්න තමයිතීරණයක් අරන් තිබෙන්නේ ඉන්නේ බලාපොරොත්තු  තියං ඉන්නේ.
 ඒවගේම මාර්තුදොළොස්(12)වෙනිදා ප්‍රසිද්ධ ප්‍රකාශයක් මගින් සියලුම දේශපාලන පක්ෂ නායකයෝ අත්සන් කරලා තිබෙනවා ඉදිරි මැතිවරණයට මොනම හේතුවකින්වත් අර කියන වර්ගයේ හොරු මංකොල්ලකාරයෝ,දූෂණකාරයෝ,මිනීමරුවන්ට නාම යෝජනා දෙන්නේ නහැ කියලා.ඒ පක්ෂ නායකයෝ හැටියට බැඳීසිටින ලිඛිත ගිවිසුම්ගත ස්ථවරයකට එහෙම ඇවිල්ලා තිබෙනවා.ඉතින් එවැනි තත්වයක් ඇතුලේමහින්ද රාජපක්ෂට ආපසු නාම යෝජනා දෙන්න තීන්දුවක් ගත්තා කියලා කිව්වහාම ප්‍රශ්න ගනනාවක්ම පැන නගිනවා.

 ඒ තමයි,ඔබ අපි කව්රුත් දන්නා දෙයක්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂමහතා පසුගිය ජනාධිපතිවරණයේදී හිටියේ හොරුත් එක්ක කියන එක අපි ඉතා පැහැදිලිව කිව්වා.ඒ අනුව ඒක තේරුම් අරගෙන තමයි මේරටේ ජනතාව ඔහුව පරාජයට පත් කළේ.දැන් ඔහුආපහු පෝස්ටරයක් ගහලා තිබෙනවා හොරුම සමග මම සූදානම් කියලා.

 ඉතින් මෙතැනදී අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපත්වරයාගෙන් ඉල්ලා සිටිනවා දැන් හොරුත් සමග ඔබතුමාට පෙළ ගැසෙන්නට බෑ.ඔබතුමා පෙනී සිටියේ සම්පූර්ණයෙන්ම යහ පාලනයක් වෙනුවෙන් හොරුන්ට එරෙහිවූ පාර්ශවය තමයි ඔබතුමා නියෝජනය කළේ.ඒ නිසා දැන් වහාම එක්සත් ජනතා නිදහස් සන්ධානය අතහැරලා ඊට නායකත්වය දෙන එකෙත් ඔබතුමා ඉවත්වෙන්න ඕනි.මොකද ඔබතුමාට හොරුන්ට,වංචාකාරයින්ට නායකත්වය දෙන්න පුලුවන් කමක් නැහැ.ඔබ වෙනුවෙන් පෙනී සිටි අපි එවැනි ස්ථාවරයකට යන්න නෛවෙයි.ඒ නිසා ඔබතුමා එක්සත් ජනතා නිදහස් සන්ධාන සාමාජිකත්වයෙන් අයින් වෙලා,සභාපති ධූරයෙන් අයින් වෙලා ස්වාධීන වෙලා,ඒ වගේම මහින්ද රාජපක්ෂ පෙනීඉන්න එම එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණයට ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ නැතිව,ඒවායේ වේදිකාවට නගින්නේ නැතිව ඉන්න ඕනෑය කියන අවධාරණය අපි කරන්න කැමතියි.
 ඉතින් අපි අවධාරණය කරන්න කැමතියි,ජාතික බලවේග යහ පාලනය වෙනුවෙන් පෙනී හිටපු කණ්ඩායම් එකදශමයකුදු වෙනස් වෙන්නේ නැතිව ඉන්නවා.ඒ වගේම අනෙකුත් සියලු තවත් බලවේගත් එකතු කරලා එදා ජනවාරි අටවෙනිදාට පෙර තිබූ මහින්ද සංස්කෘතියට යන්න මේ සමාජයට ආපසු ඉඩතියන්නේ නැහැ.ඒ වෙනුවට යහපාලනයට ආපු ගමන් මාවත තව දුරටත් ඉස්සරහට යන්නට අපි ක්‍රියා මාර්ග ගන්නවා.ඒ සඳහා සියලු බලවේග එකතු කර ගෙන ඒ මහින්ද රාජපක්ෂ ඇතුලු ඒ හොරු කණඩායම ආපසු එන එක වැලැක්වීම සඳහා අවශ්‍යකරන සියලු ක්‍රියා මාර්ග ගන්නා බවට විශේෂයෙන්ම රටේ පුරවැසියන්ට අවධාරණය කරන්න කැමතියි යනුවෙන් පැවසීය.

No comments:

Post a Comment