Monday, July 13, 2015

මහියංගණ රාජමහා විහාරාධිපති අස්ගිරි මහනායක හිමි මහියංගණ පුරවරයේ ජනතාව මහත් ගෞරවපුර්වකව පිළිගනි

 
7/13/2015 10:59 PM

මහියංගණ රාජමහා විහාරාධිපති හා ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අභිනව මහනායක අති පූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්ස්‍යාභිධාන මහනාහිමියන් අක්තපත්‍ර පිරි නැමීමේ පූජෝත්සවයයෙන් අනතුරුව සිය ප්‍රථම විහාර සංචාරය ලෙස උන්වහන්සේ විහාරාධිපතිත්වය දරන ඓතිහාසික මහියංගන රාජමහා විහාරස්ථානයට ඊයේ ( 12) සවස වැඩම කරනු ලැබු අතර උන්වහන්සේ පිළිගැනිම සදහා අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාවේ ලේඛකාධිකාරී මහියංගණ රජමහා විහාරස්ථානයේ භාරකාර රාජකීය පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ හා මහා සංඝරත්නය විශාල සංඛ්‍යාවක් හා මහියංගන රාජමහා විහාරස්ථානයේ සතරපේරුවේ දායක දායිකාවන් හා ප්‍ර දේශවාසින් රැසක් එක්ව දිර්ඝ රිය පෙරහරකින් මහියංගන පුරවරය සදහා වැඩම කරවනු ලැබු අතර  ඉන් අනතුරුව මහත් අභිමානවත් හා අලංකාර පෙරහරකින් මහියංලන රාජමහා විහාරස්ථානයට වැඩම කරවනු ලැබිය.

විහාරස්ථානයේ සුදර්ශනි සදහම් මැදුරේ විශේෂ පිළිගැනිමේ උත්සවයක් උන්වහන්සේ වෙනුවෙන් සංවිධානය කර තිබු අතර     අභිනව අනු නායක පදවියෙන් පිදුම් ලද අස්ගිරි පාර්ශ්වයේ ඓතිහාසික බදුලු මුතියංගණ රාජමහා විහාරාධිපති වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන්ට සහ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ඓතිහාසික පොළොන්නරු සොළොස්මස්ථානාධිපති, මහනුවර අසගිරිය ගෙඩිගේ රාජමහා විහාරාධිපති වෙඬරුවේ ශ්‍රී උපාලි හිමියන් මෙම අවස්ථාව සදහා වැඩම කර සිටියහ.

අස්ගිරි පාර්ශ්වයේ අභිනව මහනායක හිමියන් පිළිගැනිම සදහා මහියංගනය අවට වෙහෙර විහාරස්ථාන රැසක හා මෙහෙනි ආරාම රැසක මෙහෙනින් වහන්සේලා විශාල පිරිසක් හා දේශපාලන නායකයන් ප්‍ර දේශවාසින් ප්‍රභූ පුද්ගලයන් රාශියක් එක් වි සිටියේය









No comments:

Post a Comment