Tuesday, July 28, 2015

බදුල්ල දිස්ත්‍රික්කය අනිවාර්යෙන්ම අපි දිනනවා - හිටපු ජනපති කියයි.

Video >>> බදුල්ල දිස්ත්‍රික්කය අනිවාර්යෙන්ම අපි දිනනවා - හිටපු ජනපති කියයි.
2015-07-28 පෙ.ව. 8:57
“ බදුල්ල දිස්ත්‍රික්කය අපි අනිවාර්යෙන්ම දිනනවා. පවතින තත්වය ඉතාමත් හොදයි. අපි 117කට වඩා ආසන ප්‍රමාණයක් දිනාගෙන ජයග්‍රහනව කරනවා. ඒ වගේම අපි මහියංගන ජනතාවට සුභ පතනවා යැයි“ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසු ගිය 26 දින දහවල් මහියංගන සමාධි බුදුරුව පරිශ්‍රයට පැමිණ ආගමික වතායත් වල නියැලිමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේය. මෙම අවස්ථාව සදහා බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හා 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජනතා සංධානයෙන් අපේක්ෂකයෙකු ලෙස අංක 05න් තරග කරන තේනුක විදානගමගේ මහතාද එක්වි සිටියේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැක බලා ගැනිම සදහා පාක්ෂිකයන් හා නගරවාසින් විශාල පිරිසක් මෙම අවස්ථාව සදහා පැමිණ සිටියේය.

No comments:

Post a Comment