Sunday, July 5, 2015

2015 ලෝක ආදිවාසීදින සැමරුම් බිබිල රතුගලදි නොව දඹානේදි.


05-07-2015 22:10
මෙවර රතුගල ආදීවාසී ගම්මානයේදී පැවැත්වීමට නියමිතව තිබූ 2015 ලෝක ආදිවාසීදින සැමරුම්(වරිග සභාව)උළෙල ගැටලු රාශියක් පැන නැගීම හේතුවෙන් දඹාන ආදීවාසි ගම්මානයේදීම පැවැත්වීමට පසුගියදා දඹානට රැස්වූ ආදීවාසි නායකයින් තීරණය කළ බව ආදීවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගයේ වන්නියලැත්තෝ පැවසීය.
ආදිවාසී නායකයා එලෙස පැවසුවේ පසුගියදා දඹාන ආදිවාසී කෞතුකාගාරයේදී පැවැති නායක හමුවේදීය.තවදුරටත් අදහස් දැක්වූ වන්නියලැත්තෝ, පසුගිය 2014 ලෝක ආදීවාසි දිනයේදී වසරින් වසර ගමින් ගමටගොස් අපේ ආදීවාසී දින උළෙල පැවැත්වීමටයි අපි තීරණය කරලා තිබුනේ. එවිට එම අවස්ථාවන්ට රටේ නායකයින් , රාජ්‍ය නිළධාරීන් ඇතුලු විවිධ අංශවල නිළධාරීන් එම ගම් වලට එනවා.ඔවුන් එම තැන්වල තිබෙන අඩුපාඩුකම් දකිනවා, දැකලා ඊට පිළියම් යොදන්න කටයුතු කරනවා.එවිට අපේ අයගේ ගම්මාන වලත් අඩුපාඩු ටිකින් ටික නැතිවෙලායනවා. අපේ ආදිවාසී ගම්මානත් එවිට සංවර්ධනය වෙනවා.
අගෝස්තු 8සහ 9 යන දෙදින තුල අපේ උත්සවය සමරනවා.එදාට මුලු ලෝකෙම ආදිවාසීන් මෙම උත්සවය සමරනවා.අපේ රටේ ඡන්දය 17වෙනිදා.එතකොට රාජ්‍ය උත්සවයක් හැටියට අපට මේක පවත්වන්න බැරි වෙනවා.ඊට රාජ්‍ය අනුග්‍රහය ගන්න අමාරු වෙනවා.පසුගිය වසර වලදී ප්‍රවාහන පහසුකම් ඇතුලු යම් ප්‍රමාණයක උදව් අපට ලැබුණා. මෙවර එලෙස රාජ්‍ය අනුග්‍රහය ගත්තොත් කෙනෙක් කියාවි ඡන්දෙගන්න කප්පමක් දුන්නා කියලා.ඡන්ද නීති කැඩුවා කියලා කියාවි. හැබැයි මේක එහෙම එකක් නෙවෙයි,මේක ජාතික උත්සවයක්.මුලු ලෝකෙම සමරන මේ උත්සවය සුලුවෙන් හරි සමරන්න ඕන.අඩුතරමින් ආහාර වේලක් භුක්ති විඳලා හරි අපි මේ දවස සමරනවා.රාජ්‍ය මැදිහත්වීමක් තියෙයි කියලා මා තවම විශ්වාස කරනවා.අමාත්‍යාංශයට ගිහින් ලේකම්තුමා ඇතුලු නිළධාරීන් සමග සාකච්ඡා කරනවා.රජයේ වියදමින් කෞතුකාගාරයේ ඇතුලත සංවර්ධන කටයුතු කරලා තියෙනවා.එය මෙවර උළෙලේදී මහජනතාව සඳහා විවෘත කරන අදහසක් තියෙනවා.ඒ සඳහාකව්ද එන්නේ කියලා තවම තීරණයක් නැහැ.රාජ්‍ය නායකයාද වෙන කව්රු හරිද කියලා තවම හිතලා නැහැ.
මෙම අවස්ථාවට රතුගල,හෙනානිගල,පොල්ලේබැද්ද.දලුකාන,වාක‍රේ යන ආදිවාසී නායකයින් එක්ව සිටියහ

No comments:

Post a Comment