Tuesday, July 14, 2015

රජයේ කාර්යාලයක සේවකයෙක් සොරබොරවැවේදි දියේ ගිලි මිය යයි

7/14/2015 4:27 PM

මහියංගන සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක කාර්යාලයේ නිළධාරින් පිරිසක්  ඊයේ (13) සවස සොරබොරවැවේ දෙහිගොල්ල ප්‍ර දේශයෙන් දිය නෑමට ගොස් සිටියදි එක් පුද්ගලයෙකු අතුරුදහන්ව ඇති අතර ප්‍ර දේශවාසින් රැසකගේ සහබාගිත්වයෙන් වැවේ අතුරුදහන් වු පුද්ගලයා සොයා මෙහෙයුම් කටයුතු සිදු කර ඇති අතර  අද (14) උදැසන අතුරුදහන් වු පුද්ගලයාගේ මෘත දේහය සොයාගැනිමට හැකි වින.
මෙසේ මියගොස් ඇත්තේ මහියංගන සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක කාර්යාලයේ කම්කරුවකු ලෙස සේවය කල අංක 65 ඒ, උඩවල, නවදගල යන ලිපිනයේ පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ නාලක දිසානායක නම් වයස 45ක දෙදරු පියෙකි. මත්පැන් පානය කර  කාර්යාලයේ තම හිතවතුන් සමග දිය නෑමට ගොස් මෙම අවාසනාවන්ත ඉරනමට මුහුණ දි ඇත.
සිද්ධිය සම්බන්දයෙන් අතුරුදහන්වු පුද්ගලයා සමග සිටි කාර්යාල නිළධාරින්ගෙන් මහියංගන පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතාගේ අධික්ෂණයෙන් මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා ඇතුලු නිළධාරින් සිද්දිය සම්බන්දයෙන් පරික්ෂණ කටයුතු සිදු කෙරේ.







No comments:

Post a Comment