Sunday, July 5, 2015

මහියංගන පොලිසියේ 12කට හදිසි ස්ථාන මාරු

මහියංගන පොලිසියේ 12කට හදිසි ස්ථාන මාරු
2015-07-05 ප.ව. 10:15
මහියංගන පොලිස්ථානයේ පොලිස් නිළධාරි 12කට  දින දෙකක් ඇතුලතදි හදිසි ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවත් ඒ සදහා නව නිළධාරින් පත් කර අති බවත් මහියංගන පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරති.
ඌව පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ලබාදි ඇති මෙම ස්ථාන මාරු සම්බන්දයෙන් හේතුවක් පැහැදිලි නොමැති බවත් ආසන්නතම හේතුව වී ඇත්තේ පසුගිය දා මහියංගන නගරයේ පෝස්ටර් අලවමින් සිටි එක්සත් ජාතික පාක්ෂියන්ට මැර ප්‍රහාර සිදු කල මහියංගනයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු හා ඔහුගේ ආධාර කරුවන් අත් අඩංගුවට නොගැනිම බවයි පොලිස් අභ්‍යන්තර මාර්ග තොරතුරුවලින් හෙලි වන්නේ.
ස්ථාන මාරුවිම් වෙනුවෙන් පත්විම් ලබා පැමිනෙන නව පොලිස් නිළධාරින් ප්‍ර දේශයේ ගම්මාන හා පුද්ගලයන් හදුනාගැනිමට අපහසු වීමෙන් පොලිස් සේවාවන්ද නිසි ආකාරයෙන් සිදු කර ගැනිම අපහසු වි ඇති බව පොලිස් අභ්‍යන්තර මාර්ග තොරතුරුවලින් හෙලි වේ.
ලංකා ඉතිහාසයේ පොලිස්ථානයක වැඩිම පොලිස් නිළධාරින් සංඛ්‍යාවක් එක වැර ස්ථාන මාරු සිදු කරනු ලැබුවේත් මහියංගන පොලිස්ථානයේ වන අතර ඒම නිළධාරින් සංඛ්‍යාව 100 කට අධික වේ.

No comments:

Post a Comment