Sunday, July 12, 2015

ඊයේ රෑ මහියංගන එක්සත් ජාතික පක්ෂ කාර්යාලයට පෙට්රල් බෝම්බ දෙකකක් ගහලා - පත්තු නොවිමෙන් සිදු විමට ගිය විශාල හානියක් වැලකි ඇත.


2015-07-12 ප.ව. 7:29
මහියංගන නගරයේ මාස කිහිපයකට ඉහතදි ආරම්භකරනු ලැබු එක්සත් ජාතික පක්ෂ කාර්යාලයට ඊයේ රෑ (11) පෙට්රල් බෝම්බ දෙකකක් ගසා ඇති අතර එය ක්‍රියාත්මක නොවිම හේතුවෙන් සිදුවිමට ගිය විශාල විනාශයක් වැලකි ඇත.

යම් හෙයකින් මෙම පැට්රල් බෝම්බ දෙක පුපුරා ගියේ නම්
ඉහල මහලක පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලය හා එම ගොඩනැගිල්ල  ව්‍යාපාරික ස්ථාන කිහියටක්ම ගින්නේන දැවි විනාශ වන්නට හැකි වි තිබුනි.
අද (12)  දිනයේ මහියංග නගරයේ සාප්පු සට්ටන් නිතිය ක්‍රියාත්මක වන බැවින් එක්සත් ජාතික පක්ෂ කාර්යාලයද දවස පුරා වසා තිබි ඇත. අත්‍යවශ කාර්යක් සදහා කාර්යාලයට ගියු පුද්ගලයෙකු හට අද (12) සවස කාර්යාල දොරකඩ ඉදිරිපිට පෙට්රල් බෝම්බ දෙක තිබෙනු දැක ඇති අතර එය අර්ධයක් පිලිස්සි ක්‍රියාත්මක නොවි ඇති බව දැක ඇති අතර මේ සම්බන්දයෙන් මහියංගන පොලිසිය දැනුවත් කිරිමට කටයුතු කර ඇත.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතාගේ අධික්ෂණයෙන්  මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර  මහතා ඇතුලු නිළධාරින් සිද්දිය සම්බන්දයෙන් පරික්ෂණ කටයුතු සිදු කෙරේ.
විශේෂ කාර්ය බළකායේ මැදිහත් විමෙන් විශේෂ පරික්ෂනයක්ද මේ සම්බන්දයෙන් සිදු කරිමට නියමිතව තිබේ




No comments:

Post a Comment