Saturday, July 25, 2015

වටරැක විජිත හිමි නමින් පෙනී සිටින පුද්ගලයා අත්අඩංගුවට ගන්න - බොදු බලෙන් පොලිස් පතිට පැමිණිල්ලක්


වටරැක විජිත හිමි නමින් පෙනී සිටින පුද්ගලයා අත්අඩංගුවට ගන්න - බොදු බලෙන් පොලිස් පතිට පැමිණිල්ලක්
2015 ජුලි 24
පොලිස්පති
පොලිස්පති කාර්යාලය 
කොළඹ
පොලිස්පතිතුමනි
ජාතික කොඩිය ට නිග්‍රහ කිරීම - ගිනි තැබීමට හා කෙල ගැසීමට අනුබල දීම යටතේ වටරැක විජිත හිමි නමින් පෙනී සිටින පුද්ගලයා අත්අඩංගුවට ගැනීම.
පසුගිය දා මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් වටරැක විජිත හිමි නමින් පෙනී සිටින පුද්ගලයා විසින් ජාතික කොඩිය ගිනි තබා , කෙල ගසා විනාශ කිරීමට අනුබල දෙමින් කරන ලද ක්‍රියාදාමය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි අපරාධයකි.
( මුලාශ්‍රයhttps://www.facebook.com/SinhalaBuddhist/videos/10153538375636934/?fref=nf)
මේ පිලිබඳ වහාම පරීක්ෂණයක් පවත්වා මේ පුද්ගලයාට නිසි දඬුවම් ලබා දීමට කටයුතු කරන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමු. මේ පුද්ගලයා ජනප්‍රියත්වය උදෙසා හා මුදල් හම්බ කිරීමේ අරමුණින් සිරගතවීමට පවා කැමති විකෘති මානසිකත්වයෙන් පෙලෙන පුද්ගලයෙක් ලෙස හැඟෙන බැවින් අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීමද සුදුසු විය හැක.
මෙහිදී සිංහලයින් ජාතික කොඩියේ 3/4 ලබා ගැනීමට කටයුතු කිරීම ලෙස ජාතිවාදී බොරු ප්‍රකාශ කිරීම අප තරයේ හෙලා දකිමු.
ජාතික කොඩිය වෙනස් කිරීමට යෝජනා කිරීමට යම් අයකුට ඇති ප්‍රජාතන්ත්‍රීය අයිතිය අප විසින් පිලි ගනු ලබන අතර එය වෙනස් කරන තුරු එයට හානි කිරීම, විකෘති කිරීම වැරදි බව අපගේ මතයයි
1815 අපෙන් ඉවත් කරන ලද හා 1948 නිදහස් දින ඔසවන ලද ජාතික කොඩිය රටේ ජාතික කොඩිය ලෙස නැවත පිළිගැනීම අපගේ සමාජ ව්‍යාපාර වල අපේක්ෂාවක් වන අතර එය ප්‍රජාතන්ත්‍රීය ලෙස ඉටු වෙන තුරු දැනට පවතින ජාතික කොඩියට ගරු කිරීම සියලු දෙනාගේ නීතිමය බැඳීම බව අප පිළිගනිමු.
මේ පිලිබඳ ඔබ ගනු ලබන නිවැරදි පියවර අතිශය අගය කරමු.
ස්තුතs
කථිකාචාර්ය දිලන්ත විතානගේ
සභාපති- බොදු ජන පෙරමුණ
ප්‍රධාන විධායක නිලධාරී- බොදු බල සේනා

No comments:

Post a Comment