Monday, July 13, 2015

රජයේ කාර්යාලයක සේවකයෙක් සොරබොරවැවේදි අතුරුදහන් වෙයි


2015-07-13 ප.ව. 11:25

මහියංගන හා රිදිමාලියද්ද කෘෂිකර්ම දෙපාර්ථමේන්තුවේ නිළධාරින් පිරිසක් අද සවස (13) සොරබොරවැවේ දිය නෑමට ගොස් සිටියදි එක් පුද්ගලයෙකු අතුරුදහන්ව ඇති අතර රාත්‍රි 9.00 පමණ වනතුරුත් ප්‍ර දේශවාසින් රැසකගේ සහබාගිත්වයෙන් වැවේ අතුරුදහන් වු පුද්ගලයා සොයා මෙහෙයුම් කටයුතු සිදු කලද සොයා ගැනිමට හැකි වි නොමැත.

සිද්ධිය සම්බන්දයෙන් අතුරුදහන්වු පුද්ගලයා සමග සිටි කාර්යාල නිළධාරින්ගෙන් මහියංගන පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

නැති වු පුද්ගලයා සොයා රාත්‍රි 10 පසුවනතුරුත්  මෙහෙයුම් කටයුතු සිදු කරමින් තිබුනි

මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතාගේ අධික්ෂණයෙන් මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා ඇතුලු නිළධාරින් සිද්දිය සම්බන්දයෙන් පරික්ෂණ කටයුතු සිදු කෙරේ.

No comments:

Post a Comment