Wednesday, July 15, 2015

ත්‍රිරෝද රථය පෙරලි අයෙක් මරුට

 7/15/2015 11:43 AM

බිබිල මහියංගන මාර්ගයේ මහියංගනය දෙසට ධාවනය කරමින් තිබු ත්‍රිරෝදරථයක් අද (15) පාන්දර 2.30 පමණ මහියංගන පුජා නගරයට ආසන්නයේදි මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටිමෙන් අනතුරුව අසල නිවසක කණූවක ගැටි ත්‍රිෙරා්ද රථයේ රියදුරු මියගොස් ඇත.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අංක 114, ඇඹලගම, උඩිස්පත්තුව, තෙල්දෙනිය යන ලිපිනයේ පදිංචිව සිටි ඉහල ගෙදර මනෝජ් නිලුක කුමාර නම් වයස 28ක අයෙකි.
ත්‍රිරෝදරථයේ පිටුපස අසුනේ ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුද තුවාල ලබා ප්‍රතිකාර ලබා මහියංගනය මුලික රෝහලට ඇතුලත් කර ඇත. එක් අයෙකුගේ තත්වය බරපතල බැවින් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
ත්‍රිරෝද රථයේ රියදුරුට නින්ද යෑම හේතුයෙන් රථය පාලනය කර ගැනිමට නොහැකිව මෙම අනතුර සිදුවි ඇති බවට මහියංගන පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් පවසන අතර අනතුර සම්බන්දයෙන් මහියංගන පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් පරික්ෂණ සිදු කරති.



No comments:

Post a Comment