Monday, July 20, 2015

උඩින් කෙසෙල් යටින් බුරුත කදන්

 7/21/2015 6:59 AM

කෙසෙල් කැන් ප්‍රවාහනය කරන මුවාවෙන් කැබ් රථයක බුරුත කදන් 16ක් පටවා උඩින් කෙසෙල් කැන් පුරවා ප්‍රවාහනය කරමින් තිබියදි මහියංගන පොලිස්ථානයට අයත් ඇකිරියන් කුඹුර පොලිස් මුරපොලේ නිළධාරින් විසින් කැබ් රථයක් අත් අඩංගුව ගන්නා ලදි.
කැබ් රථයේ සිටි සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් අතර ඔහුන් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්දනාගාර ගත කරන ලදි.
සිද්දිය සම්බන්දයෙන් මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතාගේ අධික්ෂණයෙන් මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා යටතේ පරික්ෂණ කටයුතු සිදු කරන අතර ඇකිරියන් කුඹුර පොලිස් මුරපොලේ පො.සැ. 28341 රත්නපාල, පො.කො. 64811 කරුණාසිංහ, පො.කො. 37039 ප්‍රියන්ත යන නිළධාරින් විසින් මෙම කැබ්රථය අත්අඩංගුවට ගැනිම සිදු කෙරිනි.

No comments:

Post a Comment