Monday, July 6, 2015

තම පෙම්වතියගේ නව ප්‍රේම පලහිගව්වට පෙම්වතා කාර්යාලයටම ඇවිත් නව පෙම්වතාට පහර දිලා



2015-07-06 ප.ව. 11:06
කාර්යාල පුහුණුව සදහා ගිය තම ප්‍රේම වන්තිය කාර්යාලයේ තරුණයෙකු සමග ප්‍රේම සම්බන්දතාවයක් පටංගැනිම හේතුවෙන් උරණ වු මුල් ප්‍රේම වන්තයා කාර්යාලය තුලට ගොස් නව පෙම්වතාට පහර දිමේ සිද්ධියක් මහියංගණ නියෝජ්‍ය ඉඩම් කාර්යාලයෙන් පසු ගිය දා වාර්ථා වු අතර ගුටි බැට හුවමාරුවෙන් නව පෙම්වතාට රෝහල් ගතවන්නට සිදු වි ඇති අතර මේ වන විටත් ඔහු මහියංගන මුලික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි.
සිද්දිය සැකෙවින් මෙසේය... මහියංගණ නියෝජ්‍ය ඉඩම් කාර්යාලයේ පුහුණුය සදහා තරුණියක් පැමිණ ඇති අතර එසේ පැමිණෙන විටත් මිනිපේ ප්‍ර දේශයේ තරුණයෙකු සමග ඇයගේ ප්‍රේම සම්බන්දයක් තිබි ඇත. ටික කලෙකින්  ඇය කාර්යාලයේ තරුණයෙකු සමග ප්‍රේම සම්බන්දයක් ආරම්භ කර ඇති අතර මේ සම්බන්දයෙන් පෙර ප්‍රේම  වන්තයාට වටින් ගොඩින් ආරංචි ලැබි ඇත‍. මේ ආරංචිවලින් කෝපයට පත් පෙර ප්‍රේම වන්තයා පසුගිය දිනක මහියංගණ නියෝජ්‍ය ඉඩම් කාර්යාලයට කාර්යාල වේලාව තුලදි කඩාවැදි තම පෙම්වතියගේ නව ප්‍රේම වන්තයාට යතුරුපැදි හෙල්මටයෙන් පහර කිහිපයක් ගසා ඇත. රංඩුව බේරිමට ගිය කාර්යාලයේ අනෙකුත් කාර්යාල නිළධාරින්ටද ඔහු පහර දෙන්නට පටන් ගැනිම හේතුවෙන් කාර්යාල සේවකයන් එක් වි මුල් පෙම්වතාට හොදටම පහර දි ඇත.
මෙම ආරව්ල සම්බන්දයෙන් මුල් පෙම්වතාගේ නිවසට ආරංචි වී ඇති අතර පොලිස් නිළධාරියෙකු වු ඔහුගේ පියා පැමිණ  මහියංගණ නියෝජ්‍ය ඉඩම් කාර්යාලයෙන් රැගෙන ගොස් ඇත.
සිද්ධිය සම්බන්දයෙන් මහියංගණ නියෝජ්‍ය ඉඩම් කාර්යාලයේ නිළධාරින් මහියංගන පොලිසියේ පැමිණිලි කර ඇති අතර සිද්දිය සම්බන්දයෙන් විමර්ශණ  කටයුතු මේ වන විට සිදු කෙරේ.
නියෝජ්‍ය ඉඩම් කාර්යාලයේ ප්‍රහාරයට ලක්වු තරුණ නිළධාරිවරයා ප්‍රතිකාර ලබා ගැනිම සදහා මහියංගන මුලික රෝහලට ඇතුලත් වි ඇති අතර පහර  දිම සිදු කල පෙම්වතාද කාර්යාලයේ නිළධාරින් තමට පහර දුන් බව පවසමින් රෝහල් ගත වී ඇත.

No comments:

Post a Comment