Wednesday, July 1, 2015

පිරිසිදු දේශපාලනයක් උදෙසා මාර්තු 12 ව්‍යාපාරයේ අත්සන් දසදහසක් ලබාගැනිමේ වැඩසටහනේ මහියංගන චාරිකාව - ආදිවාසි නායක තුමන්ද තම එකගතාවය ප්‍රකාශ කර අත්සන් තබයි

2015-07-01 පෙ.ව. 2:17
පිරිසිදු දේශපාලනයක් උදෙසා මාර්තු 12 ව්‍යාපාරයේ අත්සන් දසදහසක් ලබාගැනිමේ වැඩසටහනේ රට පුරා ගමන්ගන්නා චාරිකාවේ රථ පෙලපාලිය අද (01) උදැසන මහියංගනනගරයට සේනදු විය.
එහිදි මහියංගන නගරයේ ජනතාවගෙන් අත්සන් ලබා ගැනිම සිදු වු අතර ඒ සදහා මහියංගන ප්‍ර දේශයේ ජනතාවගේ විශේෂ උනන්දුවක් දක්නට ලැබුනි. පත්‍රිකා බෙදා දෙමින් ජනතාව දැනුවත් කිරිම මෙහිදි සිදු කෙරින.
එහිදි පිරිසි දේශපාලනයක් උදෙසා
අපරධ කරුවෙක් නොවන , අල්ලස් හා දුෂණයෙන් තොර , සමාජ විරෝධි ව්‍යාපාරයන්ගෙන් තොර , පරිසර හිතකාමි, බලය අවභාවිතා නොකරන , අයුතු මුල්‍ය ගිවිසුම් වලින් තොර , ඡන්ද දායකයන්ට සමිප හා ප්‍රමාණවත් කාන්තා හා තරුණ නියෝජනයට ඉඩ සලසන දේශපාලන නායකයෙක් තෝරා පාර්ලිමේන්තුවට යවන්නට කටයුතු කරන ලෙස ජනතාව දැනුවත් කරන ලදි.
ඉහත යොජනා සම්බන්දයෙන් තමන්ද එකග වන බව පවසමින් විශ්ව කිර්ති වනස්පති දඹාන ආදිවාසි නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්ද අත්සන් ලේඛනයේ අත්සන් තැබිම ඉතාමත් සුවිශේෂි අවස්ථාවක් වේ.






No comments:

Post a Comment