Sunday, July 5, 2015

කන්දකැටිය දිසා රෝහල් වෛද්‍යයවරයෙකු රෝහල් භූමියේ සැරිසරමින් සිටි වන අලියෙකු සිරුරේ හැපීමෙන් ඇද වැටී බරපතල තුවාල ලබා අද (05) උදෑසන බදුලූ රෝහලට ඇතුලත් කර ඇත


05-07-2015 22:01
කන්දකැටිය දිසා රෝහල් වෛද්‍යයවරයෙකු රෝහල් භූමියේ සැරිසරමින් සිටි වන අලියෙකු සිරුරේ හැපීමෙන් ඇද වැටී බරපතල තුවාල ලබා අද (05) උදෑසන බදුලූ රෝහලට ඇතුලත් කර ඇතැයි රෝහල් කාර්්‍යය මණ්ඩලය පවසති .
අද (05) උදෑසන 4.45 ට පමණ සිද්දීය වී ඇත
කන්දකැටිය දිසා රෝහලේ සේවය කරන ලියාපදිංචි වෛද්‍යය නිලධාරියෙකු වන එස් එම් පී බී කපුගෙදර ( 62) මහතා අනතුරින් තුවාල ලබා මෙසේ රෝහල් ගත කර ඇත. 
කිසියම් අවශ්‍යයතාවක් සදහා උදෑසන 4.45 ට පමණ වෛද්‍යයවරයා තම නිල නිවසින් පිටතට පැමිනෙද්දී රෝහල් බිමේ සැරිසරමින් සිටි මෙම අලියාගේ සිරුරේ වෛද්‍යයවරයා හැපී ඇති අතර බියට පත් වන අලියා රෝහලේ කම්බි වැටද පෙරළාගෙන කැලෑවට වැදී පලා ගොස් ඇති අතර වෛද්‍යයවරයා එම ස්ථානයේ ඇද වැටී ඇත
අනතුරින් වෛද්‍යවරයාගේ හිසට හා ස්ථෘන කීපයකටද තුවාල සිදුව ඇත

No comments:

Post a Comment