Thursday, July 30, 2015

ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයේදි විදුහල්පතිට හුවෙන් සංග්‍රහයක් - පොලිසියත් කැදවයි


2015-07-30 ප.ව. 2:37
මහියංගන දම්බරාව ප්‍ර දේශයේ පාසැලක 5 වසර දුවා දරුවන්ගේ ශිෂ්‍යත්වය වෙනුවෙන් අත්වැලක් සපයනු පිනිස සංවිධානය කර තිබු සම්මන්ත්‍රණ මාලාවක පිටස්තර පාසැල් වලින් පැමිණි දරුවන් එම විද්‍යාලයේ විදුහල් පති විසින් සම්මන්ත්‍රණය පැවති ශාලාවේ පිටුපසට එලවිම හේතුවෙන් කෝපයට පත් දෙමාපියන් හා විදුහල්පති අතර උණුසුම් තත්වයක් ඇතිව තිබේ. ඒ හේතුවෙන් අද උදැසන (30) විදුහල්පති විසින් මහියංගන පොලිසියද පාසල වෙත කැදවා ඇත.

රත්කිද වැනි අලි කරදර උග්‍ර ප්‍ර දේශවල පාසැල් වලින් පවා පාන්දරින් නිවෙස්වලින් පිටවී සම්මන්ත්‍රණය පැවති දම්බරාව ප්‍ර දේශයේ පාසල වෙත දරුවන් පැමිණ ශාලාවේ අසුන් ගෙන සිට ඇති අතර එම පාසලේ විදුහල් පති පැමිණ තමන්ගේ පාසැලේ දරුවන්ට ශාලාවේ ඉදිරිපස අවශ්‍ය බව පවසා උදැසන සිට අසුන් ගෙන සිටි දරුවන් පිටුපසට එලවා ඇත. ඒ හේතුවෙන් “මොන පාසලින් ආවත් හැමෝම දරුවො.. ඇයි අපේ දරුවන්ට මෙහෙම සලකන්නේ යැයි දෙමාපියන් හා විදුහල් පති අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවී අවසානයේ දෙමාපියන් විදුහල්පතිට හුවෙන් හොද සංග්‍රහයක් ලබා දි ඇත. ඒ අනුව ආරක්ෂාව පතා විදුහල් පති විසින් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය අවසන් වන තුරු මහියංගන පොලිස් නිළධාරින් කැදවන්නට කටයුතු කර තිබේ. මෙම ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය සදහා මහියංගණය අවට පාසැල් විශාල සංඛ්‍යාවකින් දරු දැරියන් 500කට අධික ප්‍රමාණයක් පැමිණ තිබේ.
05 වසර දුවා දරුවන්ගේ ශිෂ්‍යත්වය වෙනුවෙන් අත්වැලක් සපයනු පිනිස මහියංගන නගරයේ පෞගලික ඇගලුම් ආයතනයක් විසින් සමාජ සත්කාරයක් ලෙස මෙම වැඩමුලුව    සංවිධානය කර තිබුනි.

ෙමවැනි විදුහල්පතිවරුන්ෙග් ක්‍රියා කලාපයන් ෙහ්තුෙවන් සමාජසත්කාර සිදු කිරිමට ඉදිරිපත්වන අායතන හා පුද්ගලයන් අපහසුතාවයට පත් වන බව ෙනාකියා බැරිය

No comments:

Post a Comment