Tuesday, July 14, 2015

හිටපු පාර්ලිමේනතු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතාට හා සැක කරුවන් 6 දෙනා ඇප පිට නිදහස් වේ.

 
7/14/2015 1:58 PM
පෝස්ටර් අලවමින් සිටි මහියංගන එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවන් පිරිසකට පසුගිය 29දින මහියංගන නගර මධ්‍ය යේදි මැර ප්‍රහාරයක් එලවු අතර ඒබ සම්බන්දයෙන් චෝදනා ලැබ සිටි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතාට හා තවත් ආධාරකරුවන් 05 දෙනෙකුට අද (14)  මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ගිතානි විජේසිංහ මෙනවිය විසින් චුදිතයන් 06ට එක් අයෙකුට රුපියල් විසිදහස බැගින්ද, ලක්ෂ දෙක බැගින් ශරිර  ඇප ලබාදිම සිදු කරනු ලැබිය.  හදුනාගැනිමේ පෙරට්ටුවක්ද පැවැත්වු අතර මී ලග නඩුවාරය ඔක්තෝබර් 13 දින කැදවන බව දැන් විය.

හිටපු බදුල්ල දිස්ත්‍රික් පාර්ලාමේන්තු මන්ත්‍රි තේනුක විදාන ගමගේ මහතා පසුගිය 07 දින මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට බාරවිමෙන් පසු ජුලි 14 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් ගිතානි විජේසිංහ මෙනවිය විසින් නියෝග කනු ලැබිය.

පහර දිමට සම්බන්ද සැක කරුවෙන් 01 දින අධිකරණයටඉදිරිපත් කිරිමෙන් පසු ජුලි 07 දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරනු ලැබු අතර ඔහුනට ජුලි 07 දිනයේ ඇප ලබාදිම ප්‍රතික්ෂේප වු අතර ඔහුන්ද නැවත ජුලි 14 දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරන මහේස්ත්‍රාත්තුමිය විසින් නියෝගකරනු ලැබිය.

 29 වනදින රාත්‍රි පෝස්ටර් අලවමින් සිටි එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවන් 06 දෙදෙනෙකුට පහර දි ඇති අතර එක් අයෙකු තියුණු කැපුම් ආයුධයකින් පහර දිමෙන් කැපුම් තුවාල ලබා ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කරනු ලැබිය.

මෙසේ තුවාල ලබා ඇත්තේ අංක 128, මිගහපිටිය, සොරබොර යන ලිපිනයේ පදිංචි එච් ඊ අජිත් චාමර වන අතර ඔහු වයස 32ක තරුණයෙකි.

හිටපු බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේනතු මන්ත්‍රිවරයෙක් මෙන්ම මහියංගන ප්‍ර දේශයේ මන්ත්‍රිවරයෙකුගේ ආධාර කරුවන් පිරිසක් පැමිණ තමන්ට හා තම සගයන් හට ප්‍රහාර එල්ල කල බවත් තියුණ කැපුම් ආයුද උපයෝගි කර ගනිමින් ප්‍රහාර එල්ල කල බවත් නගරයේ කොළ පාටින් සරසන ලද කොඩිවැල් කපා දැමුබවත් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින් මහියංගන මුලික රෝහලේ ප්‍රතිකාර ලබන අජිත් චාමර ප්‍රකාශ කර සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ රට පුරා ක්‍රියාත්මක වු පෝස්ටර් ව්‍යාපාරයේ යෙදුන මහියංගනතරුණයේ 06 දෙනෙකු මහියංගන නගරයේදි මෙසේ ප්‍රහාරයට ලක් වි ඇත.

2015 මහ මැතිවරණය ප්‍රකාශයට පත් කර සුලු දින කිහිපයක් ගත වන්නට මත්තෙන් ප්‍රථම දිවයිනේ ප්‍රථම මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියාව මහියංගන නගරයෙන් වාර්ථාවිය.

මේ වන විට සිද්දිය සම්බන්දයෙන් මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානාධිපති

 ප්‍රධාන පොලිස් පරික්ෂක තිස්ස කුමාර මහතා ගේ ප්‍රධානත්වයෙන්

 පොලිස් පරික්ෂණ ක්‍රියාත්මක යි







No comments:

Post a Comment