Thursday, July 30, 2015

දඹාන රක්ෂිතයේ සතුන් දඩයම්කල දඩයම් කරු හා කැප්ප තුවක්කුව පොලිසියෙන් අල්ලයි.


7/29/2015 3:10 PM
රිදිමාලියද්ද, වේවත්ත , කදුබැද්ද තලාවේ ගම්මානයේ වන රක්ෂිතයේ කාලයක් තිස්සේ සතුන් දඩයම් කිරිම සදහා යොදාගත් කැප්පතුවක්කුවක් ගම්වාසින් විසින් ලබාදෙන ලද තොරතුරකට අනුව අද (29) මහියංගන පොලිසිය විසින් තුවක්කුව සමග වයස 24ක් වන එම ගම්මානයේ පුද්ගලයෙකු අත් අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගන්නා ලද තුවක්කුව හා සැකකරු මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
...
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා අපරාධ අංශයේ ස්ථානාධිපති එම් බි ජි ජි සුදේශ් චතුරංග මහතා ප්‍රමුඛ 62983 බංඩාර, 43722 පද්මසිරි, 27073 පී බංඩාර,71610 දනුක යන නිළධාරින් පරික්ෂණ කටයුතු සිදු කෙරේ.

No comments:

Post a Comment