Saturday, July 25, 2015

වටරැුක විජිත නැවතත් මුළු ජාතියටම ගරහයි.. වීඩියෝ..

වටරැුක විජිත නැවතත් මුළු ජාතියටම ගරහයි.. වීඩියෝ..
7:23 PM 7/25/2015
‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය ජන අරගලයකින් ඉදිරියට ගෙනයමු‘ තේමාවෙන් යුතුව නව සම සමාජ පක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් ෙපෙර්දා (23-07-2015)මරදාන සමාජ හා සාමජයික කේන්ද‍්‍රයේදී පැවැති අතර එහිදී මහියංගණ ප‍්‍රාදේශිය සභාවේ හිටපු මන්ත‍්‍රී වවටරැුක විජිත හිමියෝ රටේ වත්මන් දේශපාලනය ගැන අදහස් දැක්වූවේය.
...
එහිදී ශ‍්‍රී ලංකාවේ ජාතික ධජය ප‍්‍රසිද්ධියේ විවේචනය කළහ. දැන් පවතින ජාතික කොඩිය ගිනි තියා විනාශ කල යුතු බව පැවසීය. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ නිර්දය ලෙස විවේචනය කළ වටරැුක හිමියන්ගේ ඇතැම් ප‍්‍රකාශ ජාතික සමගියට හා සංඝරත්නයේ සමගියටද ප‍්‍රශ්න ඇති විය හැකි නින්දික ප‍්‍රකාශ බවද වාර්තා වේ.
පසුගියදා ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගනයේ පැවති ශ‍්‍රී ලංකා - පකිස්තාන ක‍්‍රිකට් තරගය අතර සිදුවූ සිංහල - මුස්ලිම් ගැටුමට මුල්වූ සිදුවීම වන මුස්ලිම් ජාතිකයන් පිරිසක් විසින් ජාතික කොඩිය බිම දමා පාගමින් කෙළ ගැසීමේ සිදුවීම ගැන ස`දහන් කරමින් වටරැුක විජිත හිමි මෙසේද පැවසීය.
..මම නම් කියන්නේ ඇත්තටම කෙළ ගහලා නෙවෙයි ඕක ගිණි තියලම දාන්න ඕනේ. ඔය දැන් තියෙන ජාතික කොඩිය ගිණි තියලම දාන්න ඕනෑ. හතරෙන් තුනක්ම වෙන් කරගෙන තියෙන්නේ සිංහලයට. මේන් ගෙඩිය පිටින් හතරෙන් තුන්ක් අපිට කියලා බෝකොළ හතරක් දාලා සිංහයෙක් මැදින් දාගෙන. බුදු දහම මාක්ස් වාදය මේ දෙකම එකයි කියලා. බුදු දහම ඉගෙනගන්න ඕන නම් මාක්ස්වාදය ඉගෙන ගන්න. මාක්ස්වාදය ඉගෙන ගන්නවා නම් බුදු දහම ඉගෙන ගන්න යනුවෙන් වටරැුක විජිත හිමි පවසා සිටියේය..
පසුගිය කාලයේ ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට කැදවීමට විරෝධය පළ කර විරෝධතාවයේදී ජාතික කොඩිය වෙනුවට සිංහලේ කොඩිය ඔසවා ජාතික කොඩියට අපහාස කළ බව පවසමින් මහින්ද හිතවාදී මන්ත‍්‍රීවරු පිරිසක් අධිකරණයට කැ`දවීමට යහපාලකයෝ කටයුතු කළහ.
අද යහපානය වෙනුවෙන් පෙනී සිටින වටරැුක විජිත හිමි ප‍්‍රසිද්ධියේම ජාතික කොඩියට අපහාස කරමින් එය කෙල ගසා ගිණි තැබිය යුතු බව පවසයි. නමුත් අවාසනාව නම් මොවුන් වැනි දේශද්‍රෝහීන්ට එරෙහිව යහපාලන නීතිය ක‍්‍රියාත්මක වන්නේ නැති වීමය.
වටරැුක විජිත හිමි මෙවර මහ මැතිවරණයට කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තරග කරන අතර සිංලයෙක් වී ඉපදී සිංහල ජාතියට ගරහන මෙවන් පුද්ගලයන් හට පාර්ලිමේන්තු වරම් නොදීමට ඡුන්ද දායකයන් වගබලා ගත යුතුය.
https://www.youtube.com/watch?v=HeLhfnKp3K0

No comments:

Post a Comment