Tuesday, July 14, 2015

රට ජාතිය ආගම වෙනුෙවන් හසලක ගාමිණි කුලරත්න දිවි පුදා වසර 24යි


රට ජාතිය ආගම වෙනුෙවන් හසලක ගාමිණි කුලරත්න දිවි පුදා වසර 24යි https://www.facebook.com/NewsatMahiyangana


රට ජාතිය ආගම වෙනුවේ මීට වසර 24 පෙර (1991-07-24) දින අලිමංකඩ දී දිවි පිදු හසලක ගාමිණි කුලරත්න විරුවා වෙනුවෙන් තැබෙන සටහනකී.
ඒ-9... මාර්ගයේ අලිමංකඩ ප්‍රදේශයේදී කුරිරු ත්‍රස්තවාදීන් විසින් 1991 ජූලි මස 13 වන දින රාත්‍රී කිලෝ දහස් ගණනක වෙඩි බෙහෙත් පටවා බුල්ඩෝසරයකින් යුද හමුදා කඳවුරට ප්‍රහාරයකට සූදානම් වෙද්දි තම දිවි පරදුවට තබා අත් බෝම්බ රැගෙන ඉදිරියට ගොස් එම බෝම්බ බුල්ඩෝසරයට පැන එය පුපුරුවා හැරි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සෙබළ අංක-34553 කෝප්‍රල් ගාමිණී කුලරත්න රණවිරුවා
වර්ෂ 1966 අගෝස්තු 22 දා හසලක උපත ලද ගාමිණී කුලරත්න පිරිමි දරුවන් පස් දෙනකු හා ගැහැනු දරුවකුගෙන් යුතු පවුලේ දෙවැන්නා විය. කොළඹට සැතපුම් 150 ක් පමණ ඈතින් පිහිටි මෙම ගම්මානයේ හැදී වැඩුණූ ගාමිණීට සිය පිය සෙනහස අහිමි වූයේ වයස අවුරුදු 15 දී පමණය. පියාගේ වියෝවත් සමග ගාමිණීට සිය දිවි සරිකර ගැනීමට වූයේ බොහෝ කම්කටොලු බාධා මධ්‍යයේය.
කීනපැලැස්ස කනිටු විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ගාමිණී උසස් අධ්‍යාපනය ලද්දේ හසලක මහ විදුහලෙනි.
එදා 1991 ජූලි 14 දින අවි අමෝරාගෙන කඳවුර වෙතට ඇදෙන ලේ පිපාසිත ත‍්‍රස්තවාදීන් තවත් මොහොතකින් එලිෆන්ට්පාස් කඳවුර සුනුවිසුනු කරනු නියතය. හමුදාව ආර්.පී.ජී. ගැසුවත් වෙඩි පිට වෙඩි තැබුවත් කොටි ත‍්‍රස්තවාදීන් සමඟින් ඉදිරියට එන අඳුරු කොළ පැහැති යුද ටැංකිය නොනැවතී ඉදිරියටම ඇදේ. යෝධ රකුසු වෙස් ගත් යුද ටැංකිය බුල්ඩෝසරයකි. තහඩු ගසා තුවක්කු සවිකර සකස් කළ එම යුද ටැංකිය පිරී තිබුණේ පුපුරන ද්‍රව්‍යවලිනි. ත‍්‍රස්තවාදීන් මෙසේ පැමිණියේ අලිමංකඩ කඳවුර වනසා එය අත්පත් කර ගැනීමට ය.
ගාමිණී කුලරත්න මේ බියකරු සිද්ධිය නිරික්ෂනය කරනවිට සිටියේ අලිමංකඩ කඳවුරේ ප‍්‍රධාන දොරටුවේ මුර කපොල්ලේ තිබූ බංකරයකය. ගාමිණීට වත් සෙසු සෙබළුන්ටවත් කිසිවක් සිතාගැනීමට කාලය නොමැති විය. කළ හැක්කක් ද ඉතිරි වී නැත. යුද ටැංකිය කඳවුර ආසන්නයට පැමිණ හමාරය. එය තව මොහොතකින් තමාත් තමාගේ සහෝදර සෙබළුන්ගේ මළ කඳන් මතින් කඳවුර ආක‍්‍රමණය කරනු ඇත.
බෝම්බ දෙකක් දෑතට ගෙන බුල්ඩෝසරයට පැනීමට ගාමිණී සිතුවේ සිදුවීමට යන මහා විනාශය සිහිපත් වීමෙනි. ගාමිණී කොටින්ගේ බුල්ඩෝසරයට ඉදිරියට දිවගියේ කාගේවත් කීමක් නොඅසාමය. එදා ගාමිණී සමඟ කඳවුරේ සිටි බොහෝ දෙනා “ගාමිණී එපා” යැයි හඬ නැඟුව ද ගාමිණී තම රට දැය ආරක්ෂා කිරීමේ උදාරතර මෙහෙය අකුරටම ඉටු කළේය. ලේ පිපාසිත කුරිරු කොටින්ගේ වෙඩි පහරවල් කාගෙනම ගාමිණී දිවගොස් එල්ලුණේ කොටි බුල්ඩෝසරයේ යකඩ ඉණිමඟේය. දෑතේ වූ බෝම්බ දෙක රථයට දමා ගැසීමට තරම් ගාමිණීගේ දෑත් එවෙලෙහි සවිමත් විය. බෝම්බ දෙක පුපුරායාමත් සමඟ ගාමිණී ඉණිමඟෙන් බිමට ඇද වැටිණි.
සේවයට එක් වු දා පටන් තම රාජකාරිය අකුරට ඉටුකිරීමට සමත් වූ ගාමිණි සිය දිවියෙන් සමුගත්තේ ද සිත් පිත් නැති කුරිරු ත‍්‍රස්තවාදීන්ට කදිම පාඩමක් කියා පාමිනි. තම දේශය වෙනුවෙන් දිවි පිදීමට අභීත රණවිරුවන් කිසිදා පසුබට නොවන බවත් ඒ සඳහා ඔවුන් සැදී පැහැදී සිටිනා බවත් ත‍්‍රස්තවාදීන්ට පසක් කරලීමට එදා ගාමිණීට හැකි විය.
යුද හමුදාවේ භටයන් විශාල ගණනාවකගේ හා මුළු කදවුරම බේරා ගැනීම සදහා සිය ජීවිත දානයෙන් ක්‍රියා කල මෙම රණවිරුවාගේ අතීතය පිළිබද කතාවද ඉතා අනුවේදනීය එකකි. ලංකිකයන් ගේ යුතුකමක් වනු ඇත.

No comments:

Post a Comment