Thursday, November 10, 2016

ත්‍රිරෝධරථය සි.ටි.බි. බසයේ හැප්පී ත්‍රිදෙනෙක් රෝහලේ

 2016-11-10 පෙ.ව. 10:39

මහියංගන බදුල්ල මාර්ගයේ දම්බරාව පාසල ඉදිරිපිට අද (10) උදැසන බදුල්ල දෙසට ගමන් කරමින් තිබු සී.ටි.බී. බස්රථයක පිටුපසින් පැමිණි ත්‍රිරෝධරථයක් ගැටී පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කරනු ලැබීය.
ත්‍රිරෝධ රථයේ රියදුරු හට විශාල වශයෙන් තුවාල ලබා ඇත. මෙසේ අනතුරට පත්ව ඇත්තේ බදුල්ල ඩිපෝවට අයත් බස් රථයක් වන අතර ත්‍රිරෝධරථය මහියංගන පගරගම්මන මුස්ලිම් ගම්මානයේ පවුලක් ගමන් ගත් ත්‍රිරෝධ රථයකි.
අනතුර සම්බන්දයෙන් මහියංගන පොලිස්ථානයේ රථවාහන ස්ථානාධිපති උ.පො.ප. වික්‍රමරත්න මහතගේ යටතේ රථවාහාහන පොලිස් නිළධාරින් පරික්ෂණ පවත්වති.





No comments:

Post a Comment