Thursday, November 17, 2016

දඹානේ ගල්කඩ ගමේ නිවාස 03ක් වන අලි පෙරලති

2016-11-14 ප.ව. 2:30

මහියංගන, දඹාන, ගල්කඩ ගම්මානයේ නිවාස 03කට ඊයේ (17) රාත්‍රි වන අලි පහරදීමෙන් හානි සිදුව ඇත. එක් නියසක් බරපතල ලෙස හානියට පත්ව ඇත.

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ ගල්කඩ පිවිසුමේ සිට මෙම වන අලි ගම් වදින අතර උද්‍යානය වටා ඇති විදුලි වැටේ ඇති දෝශ හේතුවෙන් මහියංගන අම්පාර ප්‍රධාන මාර්ගය හරහා විදුලි වැට බිදිමින් වන අලි ගම්වදින බව ගම්මු චෝදනා කරති. විදුලි වැට පැවතියද එදි විදුලි බලයේ ප්‍රභලතාවයේ ගැටලුද තවත් සමහර විටෙක එහි විදුලිය විසන්දි වී තිබීම හේතුවෙන් නිරන්තරයෙන් මෙම ගැටලුවට දීර්ඝ කාලයක සිට මෙම ගම්වාසීන් මුහුණ පාන බව ගම්මු වැඩිදුරටත් චෝදනා කරති.

මේ දින වල පවතින වර්ෂාව හේතුවෙන් දරු මල්ලන් සමග වන අලි විනාශ කල නිවාස වල වාසය කිරිම මහත් ගැටලු කාරි තත්වයකට පත්ව ඇති බවත්, වන අලි හිරි හැර නිසාම මේ වන තුරු ගොවිතැන් කටයුතු ආරම්භ කිරිමට නොහැකිව සිටින බව ගම්වාසීන් පවසති.
දුක් මහන් සියෙන් වියහිටදම් කර සිදු කරනා ගොවිතැන් සියල්ල එක් රැයකින් වන අලින්ගේ ආහාර බවට පත් වීමෙන් ගම්වාසින් සියල්ල මහත් පීඩාකාරි තත්වයකට පත්ව සිටින බව ඔහුන් පවසති.

වගකිවයුත්තන්ගේ කඩිනම් මැදිහත් වීමෙන් මෙම වන අලි ගැටලුව සදහා විසදුම් ලබාදෙන ලෙසද, මාදුරුඔය වන රක්ෂිතයේ ගල්කඩ පිවිසුමේ විදුලි වැටේ දෝෂ කඩිනමින් සකසා තමන්ගේ ජන ජීවිතයට සහනයක් ලබාදෙන ලෙස දඹාන ගල්කඩ ගම්වාසීන් ඉල්ලති.






No comments:

Post a Comment