Monday, November 14, 2016

ඉල් පුර පසළොස්වක පෝය අදයි

අද (14) ඉල්පුර පසළොස්‌වක පොහොය දිනයයි. කඨින මහා පිංකම් පවත්වන කඨින චීවර මාසයේ අවසන් දිනය අදයි. බුදුදහමේ සඳහන් මහා පිංකම් හෙවත් අටමහා කුසල් අතර පළමු පිංකම කඨින චීවර පූජාවයි.

ලංකාවේ බොහෝ විහාරස්‌ථානවල බොදු බැතිමතුන්ට කඨින චීවර පූජාවේ ආනිසංස ඇතුළත් කඨිනානිසංස ධර්ම දේශනාව පවත්වන්නේ ඉල්පුර පොහෝදාය.

ඉල්පුර පොහෝ දින සිදුවූ වැදගත් සිදුවීම් අතර බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දූත සේවයේ ආරම්භය සුවිශේෂ වේ.

බුදුරජාණන් වහන්සේ ප්‍රථම වස්‌ කාලය ගත කළේ බරණැස ඉසිපතනාරාමයේය. දම්සක්‌ පැවතුම් සූත්‍රය අසා පස්‌වග තවුසන් පළමුව බුදුසසුනේ පැවිදි වූ අතර අනතුරුව යසකුල පුත්‍රයා බුදුරදුන්ගෙන් බණ අසා පැවිදි විය. යසකුල පුත්‍රයාගේ පැවිදිවීම පිළිබඳ ආරංචිය අසා ඔහුගේ යහළුවන් වූ විමල, සුබාහු, පුණ්‌ණජී, ගවම්පති යන සතර දෙනා ඇතුළුව පනස්‌ සතර දෙනෙකු බුදුරදුන් හමුවට පැමිණ පැවිදිව අරහත් ඵලයට පත්වූහ. මෙලෙස බුදුරජාණන් වහන්සේගේ පළමු වස්‌ කාලය ඇතුළත පැවිදි වූ පිරිස හැට එක්‌ නමක්‌ වූහ.

අග්‍ර මහා ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිරිනිවීම සිදුවූයේද ඉල්පුර පසළොස්‌වක පෝදාය.

No comments:

Post a Comment