Wednesday, November 16, 2016

ගංජා ඇද්ද අයියා මලෝ 21 දක්වා මහඋලු සිපිරිගෙට

2016-11-16 ප.ව. 10:54

බලපත‍්‍රයක් නොමැතිව කේරල ගංජා නැමැති මත්ද්‍රව්‍ය මිලි ග‍්‍රෑම් එක්ලක්ෂ තිස්දහසක් පමණ ප‍්‍රමාණයක් ප‍්‍රවාහනය කිරිමේ චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබු අයිය මලෝ දෙදෙනෙකු මෙම මස 21 වෙනි දින දක්වා රක්ෂිත බණ්ධනාගාර ගත කිරිමට මහියංගණ මහේස්ත‍්‍රාත් තිෂාණි තේනබන්දු මහත්මිය නියෝග කළාය.
මෙම කේරල ගංජා ජාවරම පිළිබ`දව පොලිස් බුද්ධි තොරතුරුවලින් අනාවරණය කරගැනිමෙන් පසු කොළොංගොඩ හසලක මාර්ගයේ ඉකුත් 13 වෙනි දින සවස් කාලයේ 28 ඇළ ප‍්‍රදේශයේ රැකවල්ලා සිටි හසලක පොලිසියේ හදිසි වැටලිම් ඒකකයේ නිලධාරින් විසින් යතුරු පැදියක් නතර කොට යතුරු පැදියේ පැමිණි පුද්ගලයින් දෙදෙනා පරික්ෂා කිරිෙමේදි ඔවුන් දෙදෙනා සන්තකයේ තිබි කේරල වර්ගයට අයත් ගංජා තොගයක් තිබෙන බව තොරතුරු අනාවරණය කරගැනිමට හැකිවි තිබේ.
එම යතුරුපැදිය හා සැකකරුවන් අත්අඩංගුවට ගැනිමෙන් පසු කරන ලද පරික්ෂණයේදි යතුරු පැදියේ ගමන්කර ඇත්තේ අයියමලෝ දෙදෙනෙකු බවත්  ඔවුන් කොළොංගොඩ 31 ඇළ ප‍්‍රදේශයේ පදිංචි කරුවන් බවත් අයියා හමුදා සේවයෙන් පලා ආ අයෙකු බවත් පොලිසියට අනාවරණය වි තිබේ.

හසලක පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර් එම් රත්නායක මහතාගේ උපදෙස් මත හදිසි වැටලිම් ඒකකයේ සැරයන් සරත්  ( 28347  ජයවිර (47163 යන නිලධාරින් ඇතු`ථ කණ්ඩායමක් විසින් මෙම වැටලිම කර තිබුණි.

No comments:

Post a Comment