Thursday, November 3, 2016

මධ්‍ය මගින් හෙලි කල මහියංගන ඇගලුම් ආයතනයේ කාණු පද්ධතියේ ගැටලුවට විසදුම් දෙන්න රාජ්‍ය නිළධාරින් රැස්වෙති.

2016-11-03 ප.ව. 10:14

මහියංගණ නගරයේ ඇගලුම් ආයතනයේ අප ජල ගැටලුව සම්බන්දයෙන් අද (2016-11-03) දින ප්‍රාදේශිය ලේකම් කාර්යාල ශ්‍රවණාගරයේදි පැවති රාජ්‍ය නිළධාරි සාකච්ඡාව වැඩබලන ප්‍රා දේශිය ලේකම් පී එස් පී අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය. මධ්‍යම පරිසර අධිකාරිය, ප්‍රා දේශිය සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය, මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින්, හා EAM මැලිබන් ටෙක්ස්ටයිල් ඇගලුම් ආයතනයේ නියෝජිතයන් ඒ සදහා සහබාගී වි සාකච්ඡා පැවැත්වීය. එහිදි අවසන් තීරණයකටද එලබිනි.

No comments:

Post a Comment