Monday, November 14, 2016

ගංජා කිලෝවක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත් අඩංගුවට - ආදිවාසියෙකුත් ඒ සමග අත් අඩංගුවට.


14/11/2016 18:11
මහියංගන දඹාන ප්‍රදේශයේ සිදු කල විශේෂ වැටලීමකදී ඊයේ සවස (13) බලපත්‍ර නොමැතිව ලග තබාගත් ගංජා කිලෝවක් සමග පුද්ගලයන් දෙදෙනෙකු  මහියංගන පොලිසි නිළධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. අත් අඩංගුවට පත් වු පුද්ගලයන් දෙදෙනා අතරට දඹාන ආදිවාසි ගම්මානයේ ආදිවාසී තරුණයෙකුද ඇතුලත්ය.

ගංජා ග්රෑම් 800ක් ලග තබාගත් දඹාන ආදීවාසී ගම්මානයේ 25 වියැති ගම්වාසී තරුණයෙකුද, ගංජා ග්රෑම් 250ක් ලග තබාගත් 23 වියැති ආදිවාසී තරුණයෙකුද මෙලෙස අත් අඩංගුවට පත් වු අතර ඔහුන් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
මෙම ගංජා ප්‍ර දේශය වෙත රැගෙන ආ පුද්ගලයන් සම්බන්දයෙන් අත් අඩංගුවට ගනු ලැබු සැක කරුවන්ගෙන් ලද තොරතුරු අනුව වැඩිදුර මෙහෙයුම් සිදු කිරිමට නියමිතව තිබේ.

මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර  මහතා අපරාධ අංශයේ ස්ථානාධිපති එම් බී ජි ජි සුදේශ් චතුරංග මහතා හා  පො.සැ. 2236 විමලසිරි, 20016 නන්දසේන, පො.කො. 54192 උපාලි, 37419 අත්තනායක, 38588 සම්පත්, 68726 ජයරත්න, 75690 තෙන්නකෝන්, 88742 ප්‍රේමරත්න, කාන්තා පො. කො. 1784 නිරෝෂනී, 2315 නිලුකා යන පොලිස් නිළධාරින් විසින් මෙම විශේෂ වැටලීම හි විමර්ශනයන්ද සිදු කෙරේ..


No comments:

Post a Comment