Thursday, November 17, 2016

තේක්ක දැව තොගයක් ට‍්‍රැක්ටරයකින් ප‍්‍රවාහනය කිරිමේ චෝදනාව යටතේ අත්අඩංගුවට

11/17/2016 10:29 PM
බලපත‍්‍රයක් නොමැතිව ඉරූ තේක්ක දැව තොගයක් ට‍්‍රැක්ටරයකින් ප‍්‍රවාහනය කිරිමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත්කර රක්ෂිත බණ්ධනාගාර ගතව සිටි  සැකකරුවන් හයදෙනෙකු රුපියල් ලක්ෂ විසිහතරක ශරිර ඇප මත මුදාහැරිමට මහියංගණ මහේස්ත‍්‍රාත් තිෂාණි තේනබන්දු මහත්මිය ඉකුත් 17 වෙනි දින නියම කළාය.
හසලක පොලිසියේ බුද්ධි තොරතුරු අංශයට ලද තොරතුරක් මත ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර්. එම්.රත්නායක මහතාගේ උපදෙස් පරිදි ඉකුත් 15 වෙනි දින රාත‍්‍රි 12.30 ට පමණ උල්පතගම 11 ඇල ප‍්‍රදේශයේ රැුකවල්ලා සිටි පොලිස් හදිසි වැටලිම් අංශයේ  නිලධාරින් හට බලපත‍්‍ර රහිතව කපා  ඉරූ තේක්ක දැව ක`දන් 224 ක් 8 ඇල ගම දක්වා ට‍්‍රැක්ටරයකින් ප‍්‍රවාහනය කරමින් සිටියදි සැකකරුවන් 06 දෙනෙකු සම`ග අත් අඩංගුවට ගැනිමට හැකිවි තිබුණි.
සැකකරුවන් හා දැව තොගයත් ට‍්‍රැක්ටරයත් අත්අඩංගුවට ගැනිමෙන් පසු 16 වෙනි දින අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඔවුන් 06 දෙනා ඉකුත් 17 වෙනි දින දක්වා රක්ෂිත බණ්ධනාගාර ගතකරන ලදි.
බණ්ධනාගාරගතව සිටි සැකකරුවන් ඉකුත් 17 වෙනි දින නැවත අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් පසුව අයෙකුට රුපියල් ලක්ෂ දෙක බැගින් වනසේ හය දෙනා රුපියල් ලක්ෂ 24 ක ශරිර ඇප මත මුදා හැරුණි. ඉරූ දැව තොගයේ වටිනාකම මෙතෙක් තක්සේරුකර නැති බව පොලිසිය සදහන් කරයි.

No comments:

Post a Comment