Thursday, November 10, 2016

රක්ෂිතයේ වැලි ගොඩදමා ලක්ෂ දෙකක් දඩ කයි

2016-11-10 පෙ.ව. 11:12
රිදිමාලියද්ද, ගොඩපෝරුයාය බටුලන්ද රජයේ වනයේ කුඩාඔයේ වැලි එක්රැස්කර පටවමින් සිටි පුද්ගලයන් 04 දෙනෙකු හා ටිපර් රථයක් පසුගිය 06 දින මහියංගන අඩවි වන කාර්යාලයේ අඩවි වන නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන මහියංගන මහේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් පනස් දහස බැගින් රුපියල් ලක්ෂ දෙකක් දඩ ගෙවන ලෙස මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් තිෂානි තේනබදු මහත්මිය නියම කරනු ලැබීය. අත් අඩංගුවට ගනු ලැබු වැලි රාජසංතක කරනු ලැබීය.
මහියංගන අඩවි වන කාර්යාලයේ අඩවි වන නිළධාරි එන් ටී පී කරුණාරත්න මහතාගේ උපදෙස් මත බීට්ටු වන නිළධාරි අසේල කුලරත්න මහතාගේ මෙහෙය වීමෙන් වන වගා කම්කරු චන්න රණවීර මෙම වැටලීම සිදු කරන ලදී.

No comments:

Post a Comment